Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
630
Views
සැක සිතී කුරුඳුවත්තේ පිරිසක් විසින් පොලීසියට අල්ලලා දීලා..
සැකකරු විවාහකයෙක් බව අනාවරණය වෙයි..
 
කාන්තාවක් මෙන් සැරසී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයකු සැකපිට අක්මීමන කුරුදුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බැව් අක්මීමන පොලිසිය පවසනවා.
 
මොහු 24 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රුපලාවන්‍ය මධ්‍යස්ථානයකට ගොස් බොරු කොණ්ඩයක් දමා ගෙන කාන්තාවක් මෙන් සැරසී ත්‍රිරෝද රථය පදවාගෙන වැලිගම සිට අක්මීමන ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
 
කාන්තාවක් මෙන් හැඩවැඩ කිරීම සඳහා මොහු අදාළ රුපලාවන්‍ය ආයතනයට රුපියල් 800ක මුදලක් ද ලබාදී ඇති බවයි වාර්තා වන්නෙ.
 
සැකකාර තරුණයා කුරුදුවත්ත ප්‍රදේශයට පැමිණ එම ප්‍රදේශයේ නිවසක නිවැසියන් පිළිබද තොරතුරු විමසා ඇති අතර ඒ අවස්ථාවේ මොහු පැළද සිටි බොරු කොණ්ඩය සුළගේ ගොස් තිබෙනවා.
 
පසුව මොහු ගැන සැක සිතී එහි සිටි අය විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇති බව සඳහන්.
 
සැකකරු විවාහකයකු වන අතර මොහු මෙම ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇය හමුවීම සඳහා කාන්තාවක් ලෙස සැරසී පැමිණ ඇති බවද අනාවරණය වී තිබෙනවා.
 
අක්මීමන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top