Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 September 11
තමන්ට බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන කැරිබියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා අවසර ලබාදෙන ලෙස ක්රිකට් ක්රීඩකයන් වෙන නිරෝෂන් දික්වැල්ල සහ තිසර පෙරේරා කළ ඉල්ලීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රතික්ෂේප කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයට එක්වීම මෙම ක්රිඩකයන් දෙදෙනා ප්රතික්ෂේප කර තිබුණා.
ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කර ඇත්තේ විදෙස් තරග සංචාරයක් ආසන්නව තිබියදී එය ප්රතික්ෂේප කර කැරිබියන් ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි.
කෙසේ වෙතත් තිසර පෙරේරා මේ වනවිටත් බටහිර ඉන්දීය කොදෙව් දුපත් බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහුට එළඹෙන 15 වනදාට පෙර යළි ශ්රී ලංකාවට පැමිණ ජාතික කණ්ඩායම සමඟ පුහුණුවීම් සඳහා එක්වන ලෙසද ක්රිකට් ආයතනය දැනුම්දී තිබෙනවා.
Top