Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 10
1,358
Views
සිනමා ලොව තුළ සහ සැබෑ ජීවිතයේදීත් පෙරළිකාරයෙකු වූ සුපිරි නළු සන්ජේ දත් අද වන විට වයස අවුරුදු 60 පිරුණු කෙනෙක්. ඔහුට දරුවන් තුන් දෙනෙකු සිටිනවා. වැඩිමලා තමයි ත්‍රිෂාලා දත්. සන්ජේ ගේ පළමු විවාහයේ දියණිය, ත්‍රිෂාලා සන්ජේ මුලින්ම විවාහ කර ගත්තේ සුරූපී නිළියක වු රිචා ශර්මාවයි. ඒ, 1987 දී. ත්‍රිෂාලා මෙලොවට බිහිවුණේ 1988 දී. ත්‍රිෂාලා කුඩා කාලයේදීම ඇගේ මව (රිචා ශර්මා) මිය ගියා. 1996 දී රිචා මිය ගියේ මොළයේ පිළිකාවක් වැලඳුණු නිසයි.සන්ජේ දෙවැනි වතාවට 1998 දී රියා පිල්ලායි නම් වූ මෝස්තර නිරූපිකාවක සමඟ යුග දිවි ගමන් අරඹන විට ඔහුගේ දියණිය, ත්‍රිෂාලා සිටියේ ඇමරිකාවේ. ඇය, එහි පදිංචි වී සිටින තම මවගේ මවුපියන්ගේ සෙවණෙහි අදටත් වෙසෙනවා. ත්‍රිෂාලා දැන් එරට තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරයක අයිතිකාරියක්.

මෑතකදී ඇගෙන් මාධ්‍යවේදියෙකු ඇසුවේ සන්ජේ දත් වැනි ප්‍රසිද්ධ නළුවෙකු තම පියා වීම ගැන කෙබඳු හැඟීමක් ඇතිවෙනවාද කියලයි. එයට ප්‍රතිචාර දක්වමින් ත්‍රිෂාලා මෙලෙස ප්‍රක‍ාශ කළා... “මගේ තාත්තා කියන හැඟීම විතරයි මට නම් දැනෙන්නෙ. මගේ තාත්තාත් අනෙක් හැමෝගෙම තාත්තලා වගේ තමයි. කිසි වෙනසක් නැහැ. තාත්තා නිතරම ඉන්නෙ විනෝදෙන්. ඒ වගේම හරියට විහිළු තහළු කරනවා. ඒවට මම හරිම කැමැතියි.”

‘ඔයාගේ ගති ගුණ අම්ම වගේද තාත්තා වගේද ?’ ත්‍රිශාලා වෙත තවත් ප්‍රශ්නයක් යොමු වුණා. “මගේ ආකල්ප, සිතුවිලි තාත්තගේ වගේ. කරුණාවන්තකම, සෞම්‍ය කම සහ ආදරණීය බව මට ලැබිල තියෙන්නෙ මගෙ අම්මාගෙන්. මේ දෙන්නගෙම ගතිගුණ මට පිහිටලා තියෙනවා.” ත්‍රිෂාලා එලෙස පැවසුවේ මවුපිය දෙදෙනාටම තමන් තුළ ඇති සෙනෙහස පහදමින්. ඇය එලෙස කියා සිටියත් මව මෙලොව හැරගියාට පසුව පියා සමඟ ඇති සබඳකම ගිලිහී ගිය බවත් පෙනෙනවා. ඒ බව හොඳින්ම තහවුරු වුණේ පසුගිය දා යෙදී තිබුණු සන්ජේ ගේ 60 වැනි උපන් දිනය වෙනුවෙන් ඔහු ලද සුබ පැතුම් දෙස බැලීමේදියි. ඒවා අතර දියණිය ත්‍රිෂාලාගෙන් ඔහුට සුබ පැතුමක් ලැබී තිබුණේ නැහැ. එය කාගේත් කතා බහට සහ විමතියට ලක් වූ කරුණක් වුණා.

සන්ජේට සමීප අය පවසන්නේ මේ පියාණන් සහ දියණිය දෙරටක දුරස්ව හිටියාට වඩා දුරස් බවක් ඔවුන් දෙදෙනා තුළ පවතින බවයි. “සන්ජේ එයාගෙ ජීවිතයෙන් ත්‍රිෂාලාව දැන් ඈත් කරලයි ඉන්නෙ. මේ දෙන්නා අතර දැන් කිසිම අදහස් හුවමාරුවක් සිදු වෙන්නේ නැහැ. තමන්ගේ දුවගේ ජීවිතය තුළ මොනවද සිද්ධ වෙන්නෙ කියලවත් සන්ජේ දන්නෙ නැහැ.” තතු දන්නා අයෙකු එලෙස ප්‍රකාශ කළා. පසුගිය දා ත්‍රිෂාලාගේ පෙම්වතා හදිසියේ මිය ගියා. එය ත්‍රිෂාලා තුළ දැඩි කම්පනයක් ඇති කළ වෙන්වීමක්. “මගේ හදවත ජීවිතය සතුටට පත් කළා. ඒ සතුට මම කවදාවත් අත්වින‍්දෙ නැහැ. ඔයා වගේ කෙනෙකුගෙන් ආදරය ලබන්න මම වාසනාවන්තියක වුණා. ඔයා මගේ හද තුළ සදාතනිකවම රැඳී සිටීවි.” ත්‍රිෂාලා ඒ සටහන ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තැබුවේ මෙලොවින් සඳහටම සමුගත් තම පෙම්වතා වෙනුවෙන්. ඉතාලි ජාතිකයෙකු වූ ඔහුගේ නම මාධ්‍යයට හෙළි වුණේ නැහැ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top