Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 10
1,087
Views
ඉපදෙන්න හිටිය දිනේට සති 12ක් කලින් ඉපදෙච්ච නිවුන් ගෑණු ළමයි දෙන්නෙක් ගැනයි මේ කතාව. බ්‍රියෙල් සහ කයිරී. අඩු වයස් උපත් නිසා ICU එකේ incubator දෙකකට දාලා තමයි හිටියේ.
 
කයිරී ඉක්මනටම බර වැඩි වෙලා හොඳ අතට හැරුනා. ඒත් බ්‍රියෙල් එහෙම වුනේ නෑ. එයා ඉපදෙද්දි බර රාත්තල් එකයි. හිතා ගන්න පාං ගෙඩියක බර. එයාට හරියට හුස්ම ගන්න හැකියාවක් තිබුණේ නෑ.
 
හදවත හරියට වැඩ කළේ නෑ. මැරෙන්න ඔන්න මෙන්න හිටියෙ. දොස්තරවරු නර්ස්ලා ෆිසියෝස්ලා දන්න දන්න සේරම සෙල්ලම් දැම්මා මෙයාව බේරගන්න. ඒත් වැඩක් වුනේ නෑ. කිසිම විදියකින් බ්‍රියෙල්ව හොඳ අතට පත් කරන්න විදියක් තිබුණේ නෑ.

මේ මැරෙන්න ඉන්න කෙලි පොඩ්ඩව ICU බාර නර්ස් රෝහල් නීති රීති ගනන් නොගෙන එයාගෙ නිවුන් අක්කා හිටිය incubator එකටම දැම්මා ( එක ඉන්කියුබේටර් එකකට එක ළමයෙක් විතරයි දාන්නේ).
 
ඊළඟ දවසේ නර්ස් ඇවිත් බලද්දී දැක්කෙ මේ පින්තූරෙ දර්ශනය.
 
ඒ නර්ස් ගත්ත ෆොටෝ එක තමයි මේ. නීරෝගී අක්කා කයිරී එයාගෙ මැරෙන්න ඉන්න නංගි බ්‍රියෙල්ව එක අතකින් බදාගෙන හිටියා.
 
ඊළඟ දවස් දෙක ඇතුලත බ්‍රියෙල්ගේ හුස්ම වගේම හදවත් ගැස්මත් සාමාන්‍ය වුනා. බර වැඩි වුනා. මැරෙන්න හිටිය බ්‍රියෙල් නීරෝගී ළදරුවෙක් වුණා.
 
දොස්තරවරුන්ට අදටත් බෑ මේ වෙච්ච දේ ඒ කියන්නෙ නොමේරූ ළදරුවෙක්ගේ කායික විද්‍යාත්මක හා ව්‍යුහ විද්‍යාත්මක සංකූලතා (වෛද්‍ය වෘත්තිකයන්ටත් නිවැරදි කිරීමට බැරි වෙච්ච) සහෝදරියකගේ එක වැලඳ ගැනීමකින් යතා තත්වයට පත් වුණේ කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න.
 
ජීවියෙක් යනු හුදෙක් ඇට මස් නහර වල එකතුවක් නෙමෙයි කියන්න මේක හොඳ උදාහරණයක්.
 
මූලාශ්‍රය - @medicaltalks (instagram)
උපුටා ගැනීම - sathsara jayanga
 
(පසු සටහන: රියෙල් සහ කයිරී ජැක්සන්ගේ උපත සිදුව ඇත්තේ 1995 ඔක්තෝබර් 17 වනදා වන අතර මේ වන විටත්, ඔවුන් ගැන කතාබහ අඩු වී නැහැ. මෙය එක්තරා ආකාරයක පුරාවෘත්තයක් විදිහටයි බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ.)






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top