Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 07
351
Views

ඉන්දියාවේ දෙවැනි සඳ ගවේෂණ මෙහෙයුම අසාර්ථක වූ බවත්, සඳට ගොඩබෑමට ගිය යානයේ පණිවුඩ හුවමාරු කටයුතු හිටිහැටියේ ඇණහිටි බවත් මෙහෙයුමට සම්බන්ධ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කියයි.

මෙහෙයුම සාර්ථක වූයේ නම්, ඇමෙරිකාව, සෝවියට් දේශය (රුසියාව), චීනයට පසු සඳට රොබෝ ගවේෂණ යානයක් පතිත කළ රට වනු ඇත්තේ ඉන්දියාවය.

සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට යානය පතිත කිරීමට නියමිතව තිබුණි. සඳුගේ කක්ෂයට සාර්ථකව පිවිස සිටි යානය සඳ බලා ගමන් ආරම්භ කළේ අද (7) අලුයමය.

සඳ මතුපිට සිට කිලෝ මීටර් 2.1ක් දුරදී යානය සමඟ පැවැති පණිවුඩ හුවමාරු කටයුතු නැවැතුණු බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

යානය සඳට පතිත කිරීමට සූදානම් වුණු අවස්ථාවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඉන්දීය රූපවාහානී සේවා ඔස්සේ එම දසුන් නැරැඹුවේය.

මෙහෙයුම අසාර්ථක වුණු අවස්ථාවේ ඔහු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය අමතමින් කළ උත්සාහය වෙනුවෙන්එහි විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන්ට ස්තුති කළේය.

(එන්.ඩී.ටීවී.)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top