Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 07
2,721
Views
තමන් ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තෝරා ගනු ඇති බවයි.

වෙනත් ඕනෑම ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත එම නම යෝජනා කරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර, තවත් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුවක්ද අද පැවැත්වෙනවා. පස්වරු 2 ට එම සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය හෝ පෙරමුණ මේ දක්වා ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර නොමැති පසුබිමක නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් සිදුකරන ප්‍රකාශ වැරදි ක්‍රියාවක් බවයි මෙහිදී කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඒ පිළිබඳව කබීර් හෂීම් අමාත්‍යවරයා ද අදහස් පළ කර ඇති අතර, සාකච්ඡාව අවසන් වීමට පෙර ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top