Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
1,186
Views
ඉතාලියේ පැවැත්වෙන  2019 වර්ෂයේ රූ රැජින තේරීමේ අවසන් මහා තරගයට  ශ්‍රි ලාංකික තරුණියක්  වන  සෙව්මි  තාරුකා  ප්‍රනාන්දු (20)   සුදුසුකම් ලබා සිටින්නීය.
 
තරගය   අද (06)   වනේතෝ පළාතේ යෙසොලෝ නගරයේදී පැවැත්වීමට නියමිතය.
 
ඒ සදහා ඉතාලියේ සියලු පළාත් නියෝජනය කරමින් තරුණියන් 80 දෙනෙක් සුදුසුකම් ලබා සිටින අතර වෙනේතෝ පළාතට අයත් පාදොවා දිස්ත්‍රික්කයේ කම්පොසම්පියෙරෝ ග්‍රාමයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20)  මේ සඳහා සුදුසුකම් ලබා තිබේ.
 
අංක 62 යටතේ ඇය තරග  වදී.   ඉතාලියේ ප්‍රධාන  රූපවාහිනි නාලිකාව වන රායි 1 මගින් අද ( 6)  රාත්‍රී 9.25 සිට සජීවී විකාශනය ලබා දෙන අතර ඉතාලි ලියාපදිංචි දුරකථන අංකයක් හිමි අයෙකුට  තමන් කැමති තරඟ  කාරිය සදහා ඡන්දය භාවිතා කිරීම සදහා අවස්තාව ලබා දී ඇත.
 
එක් දුරකථන අංකයක් මගින් ( නිවෙස් ස්ථිර දුරකථන හා ජංගම දුරකථන ) ඡන්ද 5ක් ලබා දිය හැක.
 
 ශ්‍රී ලංකා මාතාවට ආඩම්බර විය හැකි වටිනා අවස්තාවක් අද දින ඉතාලියේ ජිවත්වන සියලු ශ්‍රී ලාංකිකයින් ඉදිරියේ ඇති හෙයින් ඉතාලි තරග කාරියන් 79 දෙනෙක් සමග අංක 62 යටතේ තරග වදින සෙව්මි තාරුකා හට එස්.එම් එස් චන්ද පහක් ඔබේ දුරකතනයෙන් ලබා දී අභියෝගය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීමට ඇයට ශක්තියක් වන ලෙස ඉතාලියේ ජිවත්වන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් පාදුවා ග්‍රී ලාංකිකයින් ඉල්ලා සිටිති.

ලංකාදීප

   

Image result for sewmi tharuka italy miss


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top