Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 03
1,236
Views

යුවතියක් විවාහ වන තුරුම ඒ පිළිබඳව විමසිලිමත් වන අයට ඉනික්බිතිව දැන ගන්නට වුවමනා වන්නේ ඇය මවක් වෙන දවසය. ජනප්‍රිය කාන්තාවන් දෙස මුළු ලෝකයේම ඇස් යොමු වී පවතින්නේය. ඇතැම් විට ඔවුන්ට පීඩාවක් වෙන තරමටම ඒ ගැන විමසිලිමත් වෙන්නේ ඔවුන්ගේ අලූත් තොරතුරු දැන ගන්නට ඇති කැමැත්ත නිසාමය.

දීප්වීර් යන සුරතල් නමින් බොලිවුඩයේත්, රසිකයන් අතරත් ජනප්‍රිය දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං අතර විවාහය සිදු වූ දිනවල පටන්ම ඔවුන් මව්පියන් වෙන තුරු ඔවුන්ගේ නෑහිතවතුන්ටත් වඩා උනන්දුවෙන් බලා සිටියේ රසිකයන්ය. ඒ පුවත තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැතත් ඔවුන් දෙදෙනා යම් යම් ඉඟි පල කර තිබේ.

රන්වීර් බොලිවුඞ් සිට සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ සිය රසිකයන් සමඟ සජීවී පිළිසඳරක යෙදුණේය. එම පිළිසඳරට එක් වූ දීපිකා, රන්වීර්ට පණිවිඩයක් යවා තිබුණේ ‘‘හායි ඩැඞී..’’ යනුවෙනි.

එයට පිළිතුරු වශයෙන් රන්වීර් සිනාසෙන ඉමෝජියක් සහ බබෙකුගේ පින්තූරයක් සිහිතව ‘‘හායි බේබි’’ යනුවෙන් පිළිතුරු එවා තිබිණි.

සමාජ ජාලා වෙබ් අඩවියක පළව තිබූ, රන්වීර් සහ දීපිකා එකිනෙකාට සමීපව ගත් ඡායාරූපයක දීපිකා සේලයකින් සිරුර ආවරණය කරගෙන සිටියේ සිය ගැබිණි බව වසන් කරන්නට බැව් රසිකයෝ කියති. එහෙත් තවමත් ඔවුන් දෙදෙනා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැත.

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top