Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 03
1,306
Views
මෙලනියා කැනඩාවට පැන යෑමට සුදානමක්...?
මීළඟ දේශ සීමා තාප්පය ඉදිවන්නේ කැනඩාව හා ඇමෙරිකාව අතර..?
 
මෙවර පැවැත්වෙන ජී හත සමුළුවේදී ඇමේසන් වනය නොහොත් ලෝකයේ පෙණහල්ල දවා හළු කරන මහා ගින්න ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රන් ප්‍රකාශ කර තිබුණේ මීට සති දෙකකට පමණ පෙරදීය.
 
‘‘මේ ගිනි ගන්නේ අපේ ගෙදර” යනුවෙන් ඇමේසන් ගින්න ගැන හෙතෙම ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

කෙසේ නමුත් ඇමේසන් ගින්න වේගයෙන් පැතිරෙද්දී ප්‍රංශයේ බියාරිට්ස් නගරයේදී පැවැති ජී හත සමුළුවට සහභාගිවූ රාජ්‍ය නායකයින් සිය බිරින්දෑවරුන් සමග සිටිමින් ගත් ඡායාරූපය අතරින් කිහිපයකට ලෝක මාධ්‍යවල බලවත් අවධානය යොමුව තිබිණි.
 
සමාජ මාධ්‍ය කැළඹූ මේ අනුරාගී සේයාරූ කිහිපයේ සිටින්නේ කවරෙකුද? කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ හා ඇමෙරිකානු ජනපති බිරිය මෙලනියා ට්‍රම්ප්ය. ජි හත සමුළුවට සහභාගිවූ ලෝක නායකයින් සිය බිරින්දෑවරුන් සමග සමුහ ඡුයාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව එක් එක් රාජ්‍ය නායකයින්ගේ බිරින්දෑවරු සෙසු නායකයින්ට හාද්දක් ලබා දී සුබ පැතීම සාමාන්‍ය සිරිතකි.
 
මේ අතරතුර ඇමෙරිකන් ජනපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ දෙස අනුරාගී දෑසින් බලා හාද්දක් ලබා දෙන සේයාරුව ලොව පුරා ඉමහත් ජනප්‍රියවී ඇත.
 
මේ සමුළුවේ දී ලෝකය උණුසුම්වීම ගැන, ඇමේසන් වනයේ විනාශය කතා වූවාදැයි උනන්දු නොවන පිරිස මේ අනුරාගී සේයාරුවට නම් වශීවී සිටිති. ඒ ගැන දොසක් දැකිය නොහැක. පැපරාසියෝ ලොවම කළඹා තිබේ.
 
මෙලනියාගේ හාද්දට වශී වූවත් ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජට් මැක්රෝන් ලෝක බලවතාට එනම් ට්‍රම්ප්ට දෙන හාද්ද ගැන නම් බොහෝ දෙනකු තුළ උනන්දුවක් නැත. එහි ඇති අනුරාගයක් නැත. එය ගුරුතුමිය විසින් තම සිසුවාට දෙන හාද්දකි.
 
අයිරිෂ් ටයිම්ස් පුවත්පත පවසන්නේ පස් හැවිරිදි දැරියක් සිය මව විසින් හඳුන්වාදුන් අලූත්ම මාමාට රාත්‍රියට සුබ පැතීම පිණිස ලබාදෙන හාද්ද හා මේ සිප ගැනීම සමාන වන බවයි. පස් හැවිරිදි දැරියගේ සිප ගැනීම තුළින් ප්‍රකට වන්නේ කවර අනුරාගයක් ද? 73 හැවිරිදි ට්‍රම්ප් සිපගන්නේ 66 හැවිරිදි ප්‍රංශ ජනපති බිරිඳ විසිනි.

මොවුන් අතර වැඩි වයස් පරතරයක් නම් නැත. නමුත් ප්‍රංශ ජනපති බිරිඳ සිය සැමියාට වඩා වසර 15ක් වැඩිමහලූය. ඇත්තෙන්ම මක්රෝන් විවාහ වූයේ තම ගුරුතුමිය සමගය. එය වෙනම කතාවකි.
 
කැනඩා අගමැති 47 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි. ජනපති ආර්යාව 49 වැනි වියේ පසුවෙයි. ට්‍රම්ප් හා මෙලනියා අතරද වයස් පරතරය අවුරුදු 14 කි. එය ප්‍රංශ යුවළගේ පරතරයට වැඩ වෙනස් වන්නේ අවුරුද්දකිනි.
 
සිය වැඩිමහලූ සැමියාගේ අතේ එල්ලීගෙනම ඇය කැනඩා අගමැතිගේ කම්මුලට හාද්දක් පිරිනමයි. මේ සේයාරුව සමාජ මාධ්‍ය ජාලා කළඹා ඇති අතර ඒවායේ සඳහන් වන සටහන් හාස්‍ය උපදවයි.
 
එක අයකු සටහන් කර ඇත්තේ මෙලනියා කැනඩාවට පැන යෑමට සිතන බවයි. තවත් අයකු මීළඟ දේශ සීමා තාප්පය ඉදිවන්නේ කැනඩාව හා ඇමෙරිකාව අතර බව කියයි.
 
සැවොම මෙලනියාගේ අනුරාගී බැල්මට වසඟ වී ඇති සෙයකි. මෙලනියාගේ බැල්ම ගැන ට්විටර් සටහනක් තබන එක් කාන්තාවක් ලියා තිබුණේ මෙවන් බැල්මක් තමා අන් පිරිමියකුට හෙළනු දුටුවේ නම් තම සැමියා අනිවාර්යයෙන්ම ඇයව දික්කසාද කරනු ඇති බවයි.
 
ඒනිසා මේ බැල්ම කාන්තාවන්ද කම්පනය කර ඇති සෙයකි. කිසිවකු ආරක්ෂිත නැත නුඹේ ගැහැනු ළමයා අගමැති විසින් සොරා ගෙන ඇත යනුවෙන් තවත් ට්විටර් සටහනක දැක්විණි.
 
අයිරිෂ් ටයිම්ස් පුවත්පතේ සඳහන් වන්නේ මෙලනියා ගේ රතු ගවුම් සමග මේ අනුරාගය ඉතා හොදින් පැහෙන බවයි. එහෙත් ඒ වගක් ජනපති ට්‍රම්ප්ට නැත. ඔහු වෙන කල්පනාවකය. මේ අනුරාගය සොරා ගන්නේ පැපරාසීන් විසිනි. එයින් කැනඩාව හා ඇමෙරිකාව අතර උණුසුමක් ඇතිවේද? ඇත්තෙන්ම ඇමෙරිකානු ජනපති ආර්යාවගේ ඇඳුමේ වටිනාකම ඩොලර් හාරදහසකි.
 
මෙලනියාගේ ප්‍රභාවට වෙන කිසිම ජනපති ආර්යාවකට ළංවිය නොහැක. ඇත්තෙන්ම ඇය ප්‍රංශයේ සිට පෙරළා ඇමෙරිකාවට එද්දී පැළඳ සිටි සපත්තු යුගළය පවුම් 445ක් වටිනා අතර ඇෙඟ් ඇත බෑගයේ වටිනාකම පවුම් දහනම දහස ඉක්මවයි.
 
ප්‍රකෝටිපති ජනපති බිරිඳ එසේ නමුත් ඇෙඟ් නුරා බැල්මේ වටිනාකම කෙසේ ගණනය කරම්ද? මෙලනියා, ට්‍රම්ප් සමග විවාහ වූයේ 2005 වසරේදීය. ඇය ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගත්තේ 2006 වසරේදීය. වෙනත් රටක ඉපිද ඇමෙරිකානු ජනපති ආර්යාව බවට පත්වූ දෙවැනි කත ඇයයි.
 
මේ විවාහයෙන් ඇය එක දරුවකු බිහිකළාය. ඒ බැරන් ට්‍රම්ප් වේ. මීට පෙර අන් කිසිම ජනපති ආර්යාවක් කතා නොකළ ආකාරයට භාෂා හයක් චතුරව ඇයට කතා කළ හැකිය. ඉංග්‍රීසි,ප්‍රංශ,ජර්මන්, ඉතාලි, සර්බියන් හා ස්ලෝවැකියන් බස ඇයට හැසිරිවිය හැක.
 
ජැකලින් කෙනඩිට පසුව කතෝලික ආගම අදහන ජනපති ආර්යාව මෙලනියා වේ. එසේම මවුබස ඉංග්‍රීසි නොවන මුල්ම ඇමෙරිකානු ජනපති ආර්යාවද ඇයමය.
 
චතුර පමුණුව

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top