Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 26
1,084
Views
දින කිහිපයක සිට ගිනිගන්නා ඇමසන් ගිනි දලු නිවීමට බොලීවියාවේ ආරාධනයෙන් වීරයෙක් පැමිණ තිබෙනවා. ඒ ලොව විශාලතම ජලය ගෙනයන සුපර් ටෑන්කර් ගුවන් යානයයි. 
 
බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 4ක විශාල ජම්බෝ යානාවක් තුළ සවි කළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත මෙම යානාව දැනට ලොව ඇති විශාලතම ගිනි නිවීමේ ගුවන් යානාවයි.
 
මෙම යානාව මගින් වරකට රැගෙන යා හැකි ජල පරිමාව ලීටර් 70,000 කි. ඇමරිකාවේ එවර්ග්‍රීන් ගුවන් සමාගම සතුව ඇති මෙම යානාවට පෙර තිබූ තවත් පැරණි ටෑන්කර් යානා දෙකක් විශ්‍රාම ගන්වා ඇත. මෙම යානාව නිපදවා ඇත්තේ ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ලඟා වී ගුවනින් ජලය හැලීමට හැකිවන පරිදියි. ඒ සඳහා මෙහි සියලු පහසු කම් සපයා ඇත. පැය කිහිපයක් තුළ ගිනිගන්නා ප්‍රදේශයේ ළඟම ඇති ගුවන් තොටුපලේදී බවුසර් මගින් ගෙන එන ජලය පුරවාගන්නා මෙම යානාව ගිනිගන්නා ප්‍රදේශය වෙත ගොස් ඉතා පහළින් ගමන් කරමින් තම බදෙහි පුරවාගෙන සිටින ලීටර් 70,000ක් වූ ජල පරිමාව වැස්සක් මෙන් අත අරිනු ලබනවා. කුඩා හෝ මධ්‍ය පරිමාණයේ ගිනි ජාලා මෙම එක ජල වැස්සකට නිවී යනු ලබන අතර විශාල ලෙස පැතිරී ඇති ගිනි ජාලා නිවීමට මෙම යානාව කිහිප වරක් නැවත නැවත ගමන් කරනු ලබනවා.
 
මෙම යානාවේ ගුවන් නියමුවරයා සාමාන්‍ය නියමුවරයෙක්ට වඩා විශේෂ රාජකාරි කිහිපයක් කරනු ලබනවා. ඒ යානාව ඉතාම පහතින් ගමන් කරවමින් අදාල ස්ථානයට ඉලක්ක කර ජල ප්‍රහාරය එල්ල කිරීමයි. 944 යන කේත අංකයෙන් හඳුන්වන මෙම යානාව ඈත තියාම හඳුනාගැනීමට පහසුවන ලෙස රතු හා සුදු වර්ණයෙන් වර්ණ ගන්වා තිබෙනවා. මේ දිනවල ඇමසන් වනයේ ඇවිලී තිබෙන ගින්න නිවීමට බොලීවියාව විසින් මෙම යානාව එවර්ගීන් ගුවන් සමාගමෙන් කුළියට ගෙන තිබෙනවා. 
 
මේ වන විට මෙම යානාව පසුගිය 22 වනදා සිට බොලීවියාවේ සාන්ත කෘස් ගුවන් තොටුපළෙහි සිට කිහිප වතාවක් ඇමසන් වනය වෙත ජලය ගෙන ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top