Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 25
297
Views
ඇල්ල රක්ෂිතයේ ‘‘ඇල්ල රොක්’’ නමින් හැදින්වෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කඳු ශිඛරයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මිනිස් ක්‍රියාකාරකමක් නිසා මෙම ගින්න පැතිර යන්නට ඇතැයි සැක පළ කරන බවයි. 

ඒ අනුව, රක්ෂිතයට බලපෑම් සිදුකළ පුද්ගලයන් සොයා මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ඇල්ල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. 

ප්‍රදේශයේ පරිසර පද්ධතියට මෙන්ම, සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් දින දෙකක් පුරා පැතිර ගිය ගින්න පාලනය කරන විටත්, අක්කර 20 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබූ බව සඳහන්.

මේ අතර, පරිසරවේදීන් පවසන්නේ පවතින නීති පද්ධතියේ ලිහිල් භාවය නිසා කැළෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නිසි පියවර ගැනීමට නොහැකි වී ඇති බවයි. 

පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන පරිදි අප්‍රිකානු මහාද්වීපයේ දක්නට ලැබෙන සැවැනා වනාන්තරවලට සමාන ලක්ෂණ සහිත තෘණ භූමි මෙම ඇල්ල කඳු පන්තියේ පිහිටා තිබෙනවා.  

ඉහළ සංචාරක වටිනාකමක් සහිත මෙවන් ප්‍රදේශ රැක ගැනීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top