Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 25
1,413
Views
බොහෝ අවස්ථාවල අදහස් නොගැලපීම් හා විවිධ පවුල් ආරවුල් මත සිදුවන දික්කසාදයන් පිළිබඳව අප බොහෝ විට අසා තිබෙනවා.

ඊට හාත්පසින්ම වෙනස් වූ දික්කසාද නඩුවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ලෝකයේම අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්.

එරට  fujairah අධිකරණය වෙත පැමිණි කාන්තාවක් පවසා ඇත්තේ තම සැමියා තමන් වෙත දක්වන අධික ආදරය හේතුවෙන් තමන්ට ඔහුගෙන් වෙන්වීමට අවශ්‍ය බවයි.

ඇය එම අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ විවාහ ජීවිතයේ මෙතෙක් කිසිම අවස්ථාවක සැමියා තමන්ට බැණ වැදී නොමැති බවයි.

එහිදී ඇය සඳහන් කරන්නේ මේ හේතුවෙන් තමන් මහත් මානසික අපහසුතාවයකට ලක්ව සිටින බවයි.

කෙසේ හෝ සැමියා සමඟ ගැටළුවක් ඇතිකර ගැනීමට තමන් උත්සහ කළද එම සෑම අවස්ථාවකම තමන්ට සමාව හිමිවූ බවත් ඔහු වරද පිළිගැනීමත් හේතුවෙන් එය ව්‍යර්ථ වූ බවයි ඇය පවසන්නේ.

එසේම සැමියා තමන්ට කිසිදු දෙයක් කිරීමට ඉඩ නොදෙන බවත් පවසන මෙම අපූරු බිරිඳ සැමියා නිවසේ වැඩ පවා සියල්ලක්ම සිදුකරදෙන බවයි පවසන්නේ.

නිවසින් පිටත්ව යන සෑම අවස්ථාවකම තමන් වෙනුවෙන් කිසියම් ත්‍යාගයක් ගෙන ඒමට අමතක නොකරන බවයි දික්කසාදය ඉල්ලා සිටිමින් බිරිඳ පවසන්නේ.

ජීවිතයේ කිසියම් හෝ ආරවුලක් ඇතිනොවීම හේතුවෙන් තමන් මේ වනවිට ලක්ව ඇති මානසික පීඩනය සලකා බලමින් මෙම දික්කසාදය ලබාදෙන ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ පෙනී සිටි එකී ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ තමන් බිරිඳට දැඩිලෙස ආදරය කරන බවත් විශේෂ යමක් නොකරන බවයි.

තමන්ගෙන් ඉටුවියයුතු යුතුකම් වගකීම් කොටස මැනවින් බිරිඳ වෙනුවෙන් ඉටු කිරීමට තමන් දැඩිලෙස කැපවන බවයි සැමියා අධිකරණයට පවසා ඇත්තේ.

එසේම ඔහු වැඩිදුරටත් ඉල්ලා සිට ඇත්තේ එම නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස ආදරණීය බිරිඳට දැනුම්දෙන ලෙසයි.

කෙසේ වෙතත් මෙම නඩුවේ කරුණු සලකා බැලූ  fujairah අධිකරණය තීන්දු කර ඇත්තේ ඔවුන් දෙදෙනාට සාකච්ඡාවෙන් යම් එකඟතාවයකට පැමිණීමට ඉඩක් ලබාදීමටයි.

ඒ අනුව අදාල නඩුව කල්තැබීමට එම අධිකරණය තීන්දු කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top