Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
1,282
Views

නවසීලන්තයෙන් වාර්තා වූ අපූරු සිදුවීමක් පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තේය. එනම් එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිය කථානායක පුටුවේ සිටිමින් සභාවේ කටයුතු මෙහෙයවන අතර කුඩා  බිලිඳකුද සුරතල් කරමින් කිරි පෙවීමයි. මේ බව පෙන්වන ඡායාරූප ප්‍රධාන ධාරාවේ මධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද විශාල ආකර්ෂණයක් දිනාගෙන තිබූ අයුරු දැකිය හැකි විය. බොහෝ විට කථානායකවරුන් කටයුතු කරන සාම්ප්‍රදායික  විලාසය සමඟ සසඳද්දී මෙය කා තුළත් තරමක විස්මයක් සහ කුතුහලයක් ඇති කළ සිදුවීමක් වූයේය.

මේ ආකාරයෙන් දරු සුරතල් බලමින් කථානායක ධුරයේ කටයුතු කළේ නවසීලන්තයේ කථානායකවරයා වන ට්‍රෙවෝර් මැලාඩ්ය. කෙසේ නමුත් ඔහු මෙලෙස තම උකුළෙහි තබාගෙන සුරතල් කළේ ඔහුගේ දරුවකු නොවේ. මෙම බිලින්දා අයත් වූයේ එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වූ තාමති කොෆේටය. කතානායකවරයා තාමතිගේ දරුවා බලා ගත්තේ තාමති පාර්ලිමේන්තුවේ විවාදයකට සහභාගි වෙමින් සිටින අතරය. කතානායක මැලාඩ්ද තමා සහ දරුවා සිටින ඡායාරූපයක් ඔහුගේ ට්විටර් පිටුවේ පළ කර තිබිණි. ඒ සමඟ වූ කෙටි සටහනෙහි ඔහු ලියා තිබුණේ මෙවැන්නකි ‘’සාමාන්‍යයෙන් කතානායක පුටුවේ වාඩි ගන්නේ පාර්ලිමේන්තු සභාව මෙහෙයවන පුද්ගලයා  පමණයි. නමුත් අද තවත් අතිවිශේෂ අමුත්තෙකුත්  මා සමඟ එහි අසුන් ගත්තා. තාමති කොෆේ සහ ටිම්, ඔබේ පවුලට එක් වූ අලුත් අමුත්තා වෙනුවෙන් සුබ පැතුම්’’.

කතානායකවරයා මේ ආකාරයෙන් සුරතල් කළ බිලි¼දා සම්බන්ධයෙන් තවත් අපූරු කතාවක් තිබේ. එනම් ඔහු අන්වාදේශක මවක හරහා ලබාගත් දරුවකු වීමයි. අන්වාදේශ (ඉභපපධඨචජර)  ක්‍රමයට දරුවකු ලබාගැනීමේදී සිදුවන්නේ යම් යුවළකට හෝ පුද්ගලයකුට සාමාන්‍ය ආකාරයට  දරුවකු බිහි කිරීම අපහසු වූ විට වෙනත් කාන්තාවකගේ ගර්භාශය හරහා දරුවා බිහි කිරීමයි. ඉහත කී බිලි¼දාගේ  ස්වාභාවික පියා තාමති නොව ඔහුගේ සහකාරයා වන ටිම් ස්මිත්ය. තාමති සහ ටිම් යනු සමරිසි යුවළකි. නවසීලන්තය සමරිසි විවාහ සඳහා නීතියෙන් අවසරදී ඇති රටකි. මේ දෙදෙනාගේ පුතුගේ මව වෙනත් කාන්තාවකි. දරුවා උපත ලබා ඇත්තේ පසුගිය ජූලි මාසයේ වන අතර තාමති ඔහු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇත්තේ දරුවාගේ උපත වෙනුවෙන් ලබා දී තිබූ නිවාඩුව අවසන් වූ පළමු දිනයේ බව සඳහන් වේ. 

තාමති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙද්දී දරුවා බලාගත් කථානායක මැලාඩ්ද දරුවන් තුන්දෙනකුගේ පියෙකි. මේ අතර කථානායකවරයාගේ මෙම කටයුත්ත පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රිවරුන්ගේ මෙන්ම රට වැසියන්ගේද මහත් අමන්දානන්දයට හේතු වී ඇති බවත්, එය බොහෝදෙනාගේ  පැසසුමට ලක්ව ඇති බවත් පෙනේ. සියලුම රැකියා ස්ථානවල මෙවැනි නිදහස් වාතාවරණයක් ඇති කළ යුතු බවට වන යෝජනාද ඉදිරිපත්ව තිබෙනු දැකිය හැකි විය.

නවසීලන්තය දරුවන් සම්බන්ධ මෙවැනි සිදුවීම්වලට ප්‍රසිද්ධ රටකි. එරට අගමැතිනිය වන ජසින්දා ආඩ්න්ද වරක් මෙවැනි අමුතු වැඩක් කළාය. ඒ ඇය අගමැති ධුරයට පත්වීමෙන් පසු පළමු වතාවට එක්සත් ජාතීන්ගේ සමුළුවක් ඇමතීමට ගිය අවස්ථාවේ ඇයගේ කුඩා දියණියද සභාගර්භයට රැගෙන යෑමෙනි. සිය කතාව පැවැත්වීමට මොහොතකට පෙර ඇය සිය අසුනේ සිටිමින් දරුවා සුරතල් කරන අන්දමද, ඇය කතාව පවත්වද්දී ඇයගේ සහකරු වන ක්ලාක් ගේෆෝර්ඩ් දරුවා සුරතල් කරමින් සිටින අන්දමද දැක්වෙන  ඡායාරූප සහ විඩියෝ දර්ශන එකල මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මෙම සිදුවීමත් සමඟ ජසින්දා ආඩ්න් සහ ඇයගේ දරුවා ඉතිහාසගත වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසය තුළ කිසි දිනෙක මෙවැන්නක් සිදුව නොතිබුණු බැවිනි. ඒ වනවිටත් නවසීලන්ත අගමැතිනිය තවත් වාර්තාවකට හිමිකම් කියා තිබිණි. එනම් රාජ්‍ය නායක ධුරයක් දරන අතර මවු පදවිය ලැබූ දෙවැනි කාන්තාව වශයෙනි. පළමුවැන්නිය වී තිබුණේ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනසීර් භූතෝය. ආඩ්න් දරු ප්‍රසූතියෙන් පසු සති හයක කාලයක් නිවාඩු ලබාගත් අතර එම කාලය තුළ උප අගමැතිනිය අගමැති ධුරයේ වැඩ බැලුවාය. 

බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන ජෝ ස්වින්සන්ද 2018 වසරේ දිනෙක පාර්ලිමේන්තු විවාදයකට සහභාගි වීම සඳහා ඇයගේ දරුවා  සමඟ පැමිණි අතර ඕස්ට්‍රේලියානු මන්ත්‍රිවරියක වන ලැරිස්සා වෝටර් පාර්ලිමේන්තුව තුළ දී සිය දරුවාට මව් කිරි දීම නිසා අවධානයට ලක්වූවාය. කෙසේ නමුත් මෙයට මාස කිහිපයකට පෙර ඩෙන්මාර්කයේ මන්ත්‍රිවරියක් සිය දරුවා මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ගෙනයෑමට සැරසුණු අවස්ථාවක ඇයට ඒ සඳහා ඉඩදී නොතිබිණි. මෙයට සති කිහිපයකට  පෙර කෙන්යාවෙන්ද එවැනිම සිද්ධියක් ගැන වාර්තා විය. දරුවා සමඟ පැමිණි මන්ත්‍රිවරියකට පාර්ලිමේන්තුවෙන් පිට වන ලෙස කතානායකවරයා නියෝග කළ අවස්ථාවේ එම මන්ත්‍රිවරියට සහයෝගය දක්වමින් ඇයගේ සහෝදර මන්ත්‍රිවරියන් පිරිසක්ද පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් තිබිණි.

නවසීලන්තයේ කතානායක මැලාඩ් ඉහත කී ආකාරයෙන් කටයුතු කළේ සමහර කතානායකවරුන් මේ විධියට කටයුතු කරද්දීය.

සනත් වික්‍රමගේ

Image result for Watch] New Zealand Speaker Feeds MP's Baby During Debate


Image result for Watch] New Zealand Speaker Feeds MP's Baby During Debate

Image result for Watch] New Zealand Speaker Feeds MP's Baby During Debate

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top