Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
1,009
Views

බොහෝ දෙනා ලෝකය සමඟ තරග කරද්දී ඇයට ඊට පළමුව තමා සමඟ තරග කරන්නට සිදුවිය. ඇතැමෙක් ඇයට ජයපතා ඔල්වරසන් දෙද්දී ඇතැමෙක් ඇයට එරෙහිව අවලාද නැඟුවෝය. තරගයකදී අසන්නට ලැබෙන අවලාද ඒ හැටි ගණනකට ගත නොයුතු වුවද ඇය එයින් කම්පා වූයේ ඇයට එරෙහි ඒ අවලාද නැඟුණේ තම සිරුරේ වූ අඩුපාඩුවක් ඉලක්ක කරමින් වූ බැවිනි. එහෙත් ඈ අවසානයේ දිනුවාය. ලොවම තම වසඟයට ගත්තාය. ඒ මීට හරියටම වසරකට පමණ අසන්නට ලැබුණ කියාරා බෝර්දිගේ කතාවයි.

පසුගිය සැප්තැම්බරයේ එක් අඟහරුවාදාවක මිලානෝවේහි පැවැති ඉතාලි රූ රැජන තරගයේ තුන්වැනි තැනට පත් කියාරා බෝර්දිගේ කතාවයි.

දහතුන් හැවිරිදි වියේදී මුහුණ දෙන්නට සිදුවූ මෝටර් බයිසිකල් අනතුරක් හේතුවෙන් අහිමි වූ පාදය වෙනුවට තම සිරුරට එක්වූ කෘත්‍රිම පාදය සහිතව මහා ඉසව්වට ඉදිරිපත් වූ මේ සුන්දරිය එහි තුන් වැනි තැන දිනාගන්නට සමත් වූවාය. එහෙත් මේ කාලය මුළුල්ලේ ඇයට අසන්නට ලැබුණු අවලාද මෙතෙකැයි කිව නොහැකි තරම්ය. බොහෝ දෙනා පවසා තිබුණේ තම අබල දුබල බව නිසා ලද අනුකම්පාව හේතුවෙන් ඇයට මේ ජයග්‍රහණය ලබාගන්නට හැකි වූ බවයි. රූ රාජනිය වශයෙන් ඉතාලි නිළි කාර්ලටා මැගීයොරානා කිරුළු පළන් මේ තරගයේදී ඇය තරග කළේ අන් කිසිවකුට දෙවැනි නුවූ අභිමානවත් හැසිරීමකින් යුතුවය. පාදයක් අහිමිව ගිය බවක වග ඇය තුට්ටුවකට මායිම් නොකළ බවක් පෙනුණි. ඉතාලි රූ රැජන  අවසන් මහා තරගයක කෘත්‍රිම පාදයක් සමඟ තරග කළ 

පළමුවැනි රූමතිය ලෙසින් ඇය ඉතිහාසයට එක් වූවාය.

කෙසේ වතුදු 2018 වසරේ පැවැති මේ අවසන් තරගයට ඇයට මුහුණ දෙන්නට සිදුවූයේ අවලාද කන්දකට මැදිවය. ෆේස්බුක් ආදී වශයෙන් වූ විවිධ සමාජ ජාලා හරහා ගොඩනැඟුණු අවලාදවලට ඕ මුහුණ දුන්නේ සංසුන්වය. ඕ මේ සියල්ල එක් අපූරු පිළිතුරකින් පිළිකෙව් කළාය.

“මට කකුලක් නැති එක ඇත්ත තමයි. ඒත් කනගාටුවට කාරණය ඔබට හදවතක් හෝ මොළයක් හෝ නැති වීමයි.”

ඇය සිය ෆේස්බුක් පිටුවෙහි සටහන් කළාය.

ඇය තමා හඳුන්වාගන්නේ බයෝනික (ජීවි අංග ලෙස ක්‍රියාකරන යාන්ත්‍රික කොටසකින් යුතු) නිරූපණ ශිල්පිනියක ලෙසය. බි්‍රතාන්‍යයේ ර්ධඤඥතඵ ධට ච්ඪමඥපඵඪබර සමඟ එක්ව කටයුතු කළ අෑ මේ ක්ෂේත්‍රයේ අලුත් පිබිදීමක් ඇති කරන්නට දායක වූවාය.

මධ්‍යම ටාර්කිනියානු පළාතේ සිට පැමිණි කියාරාගේ අරමුණ වන්නේ විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් වීමය. එසේම වටපිටාවද ජීවිතයද විඳින්නට ඇය සිය කෘත්‍රිම පාදය බාධාවක් කනස්සල්ලට කාරණයක් කර නොගත්තාය. ඇය සංචාරයෙහි ප්‍රිය තරුණියකි. එමෙන්ම ක්‍රීඩිකාවකි. රුවල් ඔරු පැදීම, රෝලර්බ්ලේඩිං, වින්ඩ්සර්ෆින්, කිමිඳුම් වැනි ත්‍රාසජනක ක්‍රීඩා ඇගේ ප්‍රියතම ඉසව් අතර වෙයි.

“මා මේ තරගයට මුහුණ දුන්නේ බොහෝ අභියෝග මැද්දේයි. බොහෝ අවලාද මැද්දේයි. ඒක වචනයෙන් කියා විස්තර කළ නොහැකි තරමේ අසීරු හැඟීමක්.”

ඇගේ රූප රාජනී ජයග්‍රහණය නිසා පමණක් නොව ඈ ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ. ඇගේ ධනාත්මක සංකල්ප හා අදහස් අද දවස වන විට ලොව බොහෝ දේශකයන්ගේ දේශනවලට එක්වී හමාරය. ඇගේ ධෛර්යවන්ත බව පෙන්වන වීඩියෝ පට ඒ සඳහා යොදා ගැනෙයි.

“මා මේ තරගයට ආවේ දිනන්නට නොවෙයි. ඒත් මට අවශ්‍ය වුණා ලෝකයට පෙන්වන්න කෙතරම් තාවකාලික පසුබෑම් ආවත් අහිමිවීම් සිදුවුණත් තවමත් ඔබට ඔබේ ජීවිතය විඳින්නට ඉඩ තිබෙන බව පෙන්වන්නට.”

ඇය පවසන්නේ ධෛර්යය ආත්ම විශ්වාසය හා දරා ගැනීම පිළිබඳ අපූරු පාඩමක් ලොවට කියාදෙමිනි.

 

පාලිත ජයකොඩි

Image result for Chiara Bordi


Image result for kiyara bordi italy miss world

Image result for Chiara Bordi

Image result for Chiara Bordi

Image result for Chiara Bordi

Image result for Chiara Bordi

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top