Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
380
Views
කොළඹ - පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ තුන් වන දිනය වන අද ශ්‍රී ලංකා පිළ මුල් ඉනිම සඳහා සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 244ක් රැස් කළා. 

ධනංජය ද සිල්වා එහිදී සිය 5 වන ටෙස්ට් ශතකය රැස් කර ගැනීමට සමත් වූ අතර, අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 109ක් ලබා සිටියා. 

දිමුත් කරුණාරත්න ලකුණු 65යි. නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුදි ලකුණු 63කට කඩුලූ 4ක් ද, ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 75කට කඩුලූ 3ක් ද බිද හෙලූවා. 

දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට නවසීලන්තය මුල් ඉනිම සඳහා කිසිවෙකු නොදැවී එක ලකුණක් ලබා සිටියා. 

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන  ටෙස්ට් තරඟයට පසුගිය දින දෙක තුළම වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top