Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
108
Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා ලබන අඟහරුවාදා සිට යළි ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා. 

තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ 6 වන සාකච්ඡාව පසුගිය ජුනි මස 26 වන දා පැවැත්වුණු අතර, මෙම සාකච්ඡා මාලාව ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු 14 වනදායි.

පසුගිය 6 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පැවති විශේෂ සාකච්ඡාවේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකතු වීම පිළිබඳව අදහස් හුවමාරු වී තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top