Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
334
Views
ඉදිරි ජනාධිපතිවරණයට තමා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. 

ඒ ඊයේ මාතරදී සංවිධාන කර තිබූ රැළියකට එක්වෙමින්. 

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පැවති දෙවන රැළියයි ඊයේ මාතරදී පැවැත්වුණේ.

පළමු ජන රැළිය පසුගියදා බදුල්ලේදී සංවිධානය කර තිබූ අතර, ඊට එක්ව සිටි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, රංජිත් අලූත්විහාරේ, රවීන්ද්‍ර සමරවීර, ආනන්ද කුමාරසිරි, චමින්ද විජේසිරි සහ වඩිවේල් සුරේෂ් ඊයේ මාතර පැවති ජන රැළියේ වේදිකාවේ දක්නට ලැබුණේ නැහැ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයේ ඊයේ රාත්‍රීයේ සංවිධාන කර තිබූ භෝජන සංග්‍රහයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද එක්ව තිබෙනවා. 

එමෙන්ම ඊයේ දිනයේදී මාතර රැළියට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරු බහුතරයක් ඊට සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top