Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 24
752
Views
ගණිකා වෘත්තියේ යෙදීම සඳහා මෙරටට පැමිණ සිටි පිලිපීන ජාතික සංක්‍රාන්තික ලිංගිකයන් (Transgenders) හත් දෙනෙකු සහ රුසියානු කාන්තාවක(22 ) කොල්ලූපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි අංශයේ මෙහෙයවීමෙන් උපාය දූතයන් යොදා කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

වයස අවුරුදු 25 - 35 ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙම පිරිස අන්තර්ජාලයේ වෙබ් අඩවි හරහා මෙම කටයුත්තේ යෙදී ඇති අතර එම වෙබ් අඩවිවල සඳහන්ව ඇත්තේ විදේශීය දුරකථන අංකය. ඒ අනුව විදෙස් දුරකථන අංකම යොදා ගනිමින් උපාය දූතයන් යොදවා එම වැටලීම සිදුකර තිබේ. එම පිරිස මේ වන විට රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන රැඳවුම් කඳවුරට යොමුකිරීමට නියමිතය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top