Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 February 20
1,023
Views
ලෝක කුසලාන කි‍්‍රකට් තරඟයකදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට නවසීලන්ත ක‍්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් අද (20) සමත්වුණා. එංගලන්තය සමග වෙලින්ටන්හි පැවැත්වෙන ලෝක කුසලාන ඒ කාණ්ඩයේ තරඟයේදී ඔහු එම අර්ධ ශතකය රැස් කළේ පන්දු 18 කට මුහුණ දෙමින්.
පන්දු 20 කින් අර්ධ ශතකයක් රැස් කළ ලෝක කුසලාන වේගවත්ම අර්ධ ශතකය සඳහා මීට පෙර වාර්තාව පිහිටුවා තිබුණේ ද බ්‍රෙන්ඩන් මැකලම් විසින්. මැකලම් ලකුණු 77 කට දැවී ගිය අතර, පන්දු 25 කදී ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ 6 පහර 7 ක් සහ 4 පහර 8 ක් සමගින්. මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 123 කට දවාලීමට නවසීලන්ත ක‍්‍රීඩකයන් සමත් වුණා. ටිම් සව්දි එහිදී ලකුණු 33 කට කඩුලූ 7 ක් බිඳ හෙලූවා. නවසීලන්ත පිල පන්දුවාර 9 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 112 ක් ලබා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top