Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
790
Views
සාමය සඳහා සිදුකළ ආයාචනයන් සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඉන්දියාව සමඟ තවදුරටත් සංවාදයක නිරතවීමට අදහස් නොකරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. 

සාම සාකච්ඡා සඳහා පාකිස්තානය කළ ඉල්ලීම් ඉන්දියාව කිහිප විටක්ම ප්‍රතික්ෂේප කළේ ත්‍රස්තවාදයට එරෙහිව එරට රජය නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින්.

ජම්මු කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය ඉවත් කොට මධ්‍යම රජයේ ඍජු පාලනයට ගැනීමෙන් පසු ඉන්දු - පාකිස්තාන සබඳතා තවදුරටත් දුර්වල වී තිබෙනවා. 

කාශ්මීරයේ ඉන්දියානු ප්‍රතිපත්තිය දැඩි සේ විවේචනයට ලක් කළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාවට තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නොවන බවයි. 

සාමය සඳහා සිදුකළ ඉල්ලීම් ඉන්දියාව හුදෙක් සැනසීමට යොදා ගන්නා බවට ඔහු චෝදනා කළා.

මේ අතර, මෙම සති අන්තයේ ප්‍රංශයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවූ විට ජම්මු - කාශ්මීර අර්බුදය හේතුවෙන් කලාපීය වශයෙන් ඇති වී තිබෙන උණුසුම අවම කිරීමට පවතින සැලසුම් පිළබඳව විමසනු ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top