Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
206
Views
අල්ඛයිඩා නායක ඔසාමා බිල් ලාඞ්න්ගේ පුත් හම්සා බින් ලාඞ්න් ඇමරිකාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මිය ගිය බව ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් තහවුරු කරනවා. 

වොෂින්ටනයේදී ෆොක්ස් නිව්ස් රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

කෙසේ නමුත්, ඒ පිළිබද වැඩිදුර තොරතුරු තමා සතුව නොමැති බවයි ඔහු කියා සිටියේ. 30 හැවිරිදි වියේ පසුවූ හම්සා බින් ලාඩන් මෙහෙයුමකින් මිය ගිය බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා පළ කරන්නේ පසුගිය ජුලි මාසයේ සිටයි. 

ඔසාමා බින් ලාඩන්ගේ තුන්වන බිරිඳගේ පුත්‍රයෙකු වන හම්සා බිල් ලාඞ්න් ඔහුගේ ළමයින් 20 දෙනාගෙන් 15 වැන්නායි. 

සිය පියා මඟ යමින් අල්ඛයිඩා සංවිධානය යළි පණ ගැන්වීමට උත්සාහ කළ ඔහු ජිහාද් සටනේ කුමාරයා යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලැබුවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top