Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
205
Views
දඹුල්ල - හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලුයම ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහරගම සිට කින්නියා බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ රියදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් දඹුල්ල-හබරණ මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවූවා.

අණතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top