Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
677
Views
ස්පාඤ්ඤ තරුණියන් 550කගේ පමණ සාය උඩ යන අවස්ථා වීඩියෝ කරමින් ඒවා අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් සැකපිට කොලොම්බියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ගමන් මල්ලෙහි රහසිගතව සඟවාගෙන සිටි ජංගම දුරකථනයක් ආධාරයෙන් ඔහු මෙම වීඩියෝ ලබාගෙන ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට පත් කොලොම්බියානු ජාතිකයා 53 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි. ඔහු එසේ ලබාගත් වීඩියෝ 283ක් පමණ දැනටමත් අසැබි වෙබ් අඩවිවලට මුදාහැර ඇති බවත්, ඒවා දැනටමත් මිලියනයකට අධික පිරිසක් නරඹා ඇති බවත් කියැවෙයි.

ඔහුගේ රහසිගත වීඩියෝවලට හසුව ඇත්තේ බාල වයස්කාර තරුණියන් බවද මේ වනවිට හෙළිව ඇති අතර, එරට අගනුවර මෙට්‍රෝ දුම්රිය මැදිරි තුළදී ඔවුන් මොහුගේ ඉලක්කය බවට පත්ව ඇත.

තවත් අවස්ථාවල වෙළෙඳ සැල් තුළදී ඔහු මෙම වීඩියෝ ලබාගෙන ඇති අතර, එම අවස්ථාවල තරුණියන්ට තමාව හඳුන්වා දෙමින්, ඔවුන් සමග කතාබහට වැටී වඩාත් පැහැදිලි වීඩියෝ ලබාගැනීමට ඔහු කටයුතු කර ඇති බවද පොලීසිය අනාවරණය කරයි.

ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් ඉව වැටුණු ස්පාඤ්ඤ පොලීසිය මෙට්‍රෝ දුම්රියක් තුළ ඔහු මේ ආකාරයේ වීඩියෝවක් ලබාගනිමින් සිටියදීම අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සූරා කෑ දැවැන්තම විලෝපීයෙකු ලෙස ස්පාඤ්ඤ පොලීසිය මොහු හඳුන්වා තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top