Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
628
Views
වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා අද (22) නියෝග කලේය.මෙලෙස සිර දඩුවම් නියම වුයේ වීරකැටියලමොරයායල වෑකදවල පදිංචි වර්ෂමානගේ ජයවීර නොහොත් චන්ඩි සියා නැමති 52 හැවිරිදි පුද්ගලයෙකුටය.

සැකකාර පුද්ගලයා 2013-09-13 වන දින අසල්වැසි නිවසකට ඇතුළු වි නිවසේ කුස්සියේ සිටි වයස අවුරුදු 09ක දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. පසුව දැරියගේ මව විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. එහිදි පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එහිදී පැවති නඩු විභාගය අවසානයේ සැකකරු අදාල චෝදනාවට වැරදි කරු බවට පත් විය.

ඒ අනුව සැකකරුට වසර 10ක බරවැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 5000ක දඩ මුදලක්ද නියම කෙරුණි. දඩ මුදල නොගෙවන්නේ නම් වසර 10ක සිර දඩුවමට අමතර තවත් මාස 06ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.මිට අමතරව අගතියට පත් වු දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කල අතර එය නොගෙවන්නේ නම් තවත් අවුරුදු 02ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි. මීට අමතරව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව රුපියල් දහසක මුදලක් අධිකරණයේ තැන්පත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා සැකකරුට නියම කල අතර එය නොගෙවන්නේ නම් මාස තුනක බර වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

එමෙන්ම සැකකරුට මේ හා සමානම තවත් පෙර වැරුද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත සදහන් සියළු දඩ ,සිරදඩුවම් හා වන්දි වලට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කල අතර එය නොගෙවන්නේ නම් තවත් එක් වසරක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

මිට අමතරව දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් ඊට අදාල සිර දඩුවම් මුලික වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවම් කාලය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක විය යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුණි.

නීතිපති වරයා වෙනුවෙන් රජයේ ජේෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පැමිණිල්ල මෙහෙය වු අතර විත්තිය වෙනුවෙන් නිතිඥ මනෝරි මහත්මිය සමගින් සුජිත් ප්‍රසන්න ලියනාරච්චි මහතා පෙනී සිටියේය.

මත්තල ඩී එන් ජයසේකර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top