Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
1,140
Views

ජංගම දුරකතනයෙන් චැට් කරමින් කාලය ගත කිරීම නොඉවසු  සැමියෙකු තම බිරිඳගේ කන කපා කා පාඩමක් ඉගැන්වීමේ අපුරු පුවතක් ගලේවෙලින් වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිඳ කාලයක් තිස්සේ ඇගේ ජංගම දුරකතනයෙන් චැට් කරන අයුරු බලා සිටියේ නොරිස්සුම් සහගතවය. චැට්කි රීමේ අවසන් ප්‍රතිපලය පවුල් අවුල්වීම බව සැමියා තේරුම්ගෙන තිබිණි. ඔහුගේ බිරිඳද ගෙදරදොරේ හා දරුවන්ගේ වැඩකටයුතු පවා අතපසු කර චැට් කිරීමට ඇබ්බැහිවී සිටියාය. ඇතැම් අවස්ථාවල ගෙදරදොරේ කරන ඉවුම් පිහුම් පවා අතපසු කර හෝටල්වලින් කෑම පාර්සල් ගෙන්වා ආහාරයට ගැනීමට ඔවුන්ට සිදුවී තිබිණි. මේ නිසා තම බිරිඳගේ ජංගම දුරකතනය ඇගේ විරෝධය මැද ඉවත් කිරීමට පියවර ගත්තේය. කාලයක් ගිය නමුත් බිරිඳගේ ඉරියව්වල වෙනසක් නොවු තැන සැමියා ඒ ගැන විමසිල්ලෙන් සිටියදී යළිත් ඇය ජංගම දුරකතනයකින් පුරුදු පරිදි චැට් කිරීමට පටන් ගෙන ඇති බව සොයාගත්තේය. තම පවුලේ අනාගතය ගැන සිතා ජංගම දුරකතනය ඇගෙන් ඉල්ලා සිටියත් ඇය එය තරයේ ප්‍රතික්ෂේප කළාය. අවසානයේදී ඔහු ජංගම දුරකතනය උදුරා ගැනීමට බිරිඳ සමඟ පොරබදා ඇත. එය ඉතා දරුණු අන්දමින් සිදුවූ අතර එය කොතරම්ද යත් බිරිඳගේ කනක කෑල්ලක් සපා කෑමට සැමියා පෙලඹී ඇත. අනතුරුව බිරිඳ ශරිරය පුරා සපාකෑමෙන් ඇති වූ තුවාල සහිතව පොලිසියට පැමිණ පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳව පසුගිය 20 වැනිදා පරීක්ෂණයක් පැවැත්වූ ගලේවෙල පොලීස් ස්ථානාධිපති පොලීස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගෙන් එම බිරිඳ ඉල්ලා සිටියේ දරුවන්ගැන සිතා සැමියා සමඟ සමාදාන වීමට කැමති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බව පැවැසීය.

තිලක් පල්ලේගෙදර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top