Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 22
542
Views
එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට රාත්‍රියේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. 

ඒ, විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහායි. වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර 4 ක කාලයක් ගතවීම නිමිත්තෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධාන කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ. 

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තාවනවා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයෙන් ඉදිරිපත්වන ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකුට පමණක් සහය පළ කිරීමට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය තීරණය කර තිබෙනවා. 

කොළඹදී ඊයේ රැස්වූ එම සන්ධානයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹි බවයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මීට අමතරව ඉදිරියේදි ගොඩනැගීමට නියමිත නව සන්ධානය පිළිබඳව සහ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා. 

එසේම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගියදා නම් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමඟද ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණයක් ගෙන ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top