Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 21
1,163
Views
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 'ශ්‍යාමෙන් බර්නඩෙත්' පසුගිය එකොළස්වනදා සවස කොළඹ එන්නේ සිය ළඟම හිතවතා හමුවීම සඳහායි. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ස්ටැපල් විදීයේ පිහිටි සුප්‍රකට රූපලවන්‍යගාරායේ කළමණාකරු වූ 'අනගි යක්දෙණිගේ නිමල්' ඇයගේ ළඟම හිතවතා වුණා.වයස අවුරුදු 25ක් වූ ශ්‍යාමෙන් විවාහ වීමට තරුණයකු තෝරාගෙන සිටි අතර ඇයගේ ළඟම හිතවතා වූ නිමල් වයස අවුරුදු 48ක තිදරු පියෙක්. මෙම රූපලාවන්‍යගාරයේ සේවය කිරීම වෙනවෙන් රුපියල් ලක්ෂ එක හමාරක පමණ වැටුපක් ලබන ඔහුට මසකට ඒ හා සමානම හෝ ඊට වැඩි මුදලක් "ටිප්" ලෙස ලැබෙනවා.

එබැවින් ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ තුන ඉක්මවා ගිය අතර ඉන් යම් ප්‍රමාණයක් තම සමීපතම මිතුරිය වූ ශ්‍යාමෙන් වෙනුවෙන් වියදම් කිරීමට ඔහු ඉදිරිපත්ව සිටියා.
 
එදින සවස් යාමයේ ඇය නිමල් හමුවීමට එන්නේ ඔහු හා ෂොපින් ගොස් 'ඩිනර්' එකක් සඳහා යාමටයි. මේ ගමනට ඇය විවාහ වීමට සිටින තරුණයාට ද ආරාධනා කර තිබුණා. එහෙත් හදිසි වැඩ රාජකාරි වගයක් යෙදීම හේතුවෙන් ඔහු ඇයට දන්වා සිටියේ තමා නැතිවාට ඒ ගමන නිමල් සමඟ යන ලෙසයි.
 
එදින සවස නිමල්, ශ්‍යාමලී යුවළ කොල්ලුපිටියේ ෂොපිං ගියා. ඔහු ඇයට ඇඳුම් කිහිපයක් මිලදීගෙන දුන්නා. අනතුරුව මොවුන් යන්නේ ඔහු සේවය කරන රූපලාවන්‍යගාරය වෙතටයි. මිලදී ගත් ඇඳුම් පාර්සලය බලාගන්න ලෙස කියමින් එහි රාත්‍රී මුර රාජකාරියේ යෙදී සිටින නිලධාරියාට දී රාත්‍රී ආහාරය සඳහා යන්නේ ගෝල්ෆේස් හි පිහිටි අවන්හලකටයි.
 
මේ දෙදෙනාම මත්වතුර තොල ගෑමට බොහෝ ප්‍රිය කළා. බකාඩි බෝතලයක් හා බියර් බෝතල් දෙකක් හිස් කළ මේ දෙදෙනා හොඳ හැටි වෙරි වී සිටියත් අවසිහියක් දක්වා එම වෙරි මත දුර දිග ගොස් තිබුණේ නැහැ.
 
රාත්‍රී ආහාරයද ගැනීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයකට ගොඩ වූ දෙදෙනා මුරකරුට ලබාදුන් පාර්සලට ලබාගැනීම සඳහා ස්ටැපල් විදීයේ රූපලාවන්‍යාගාරය අසලට යනවිට ඊට පසුදින එනම් දොළොස්වනදා ලබා අඩ හෝරාවක් පමණ ගෙවී ගොස් තිබුණා.
 
ඇයගේ ඇඳුම් පාර්සලය රැගෙන ඒම සඳහා නිමල් බැසයන්නේ ඇයට ත්‍රීරෝද රථයේ සිටින ලෙස පවසමිනුයි. ඇය සිය ජංගම දුරකථනයේ යමක් බලමින් සිටි අතර ඒ අවස්ථාවේ එම ස්ථානයෙන් යාමට ආ කොල්ලන් කණ්ඩායමක් ඇයට උසුලු විසිලු කරන්නට පටන් ගත්තා. මධ්‍යම රාත්‍රීයේ බොහෝ විට ත්‍රිරෝද රථවල සිටින්නේ අයාලේ යන ළඳුන්. මැයද එවැන්නියක් සිතාදෝ ඔවුන් උසුලු කළත් ඇයට ඒවා ඇසුණේ නැහැ.
 
සිය ළඟම මිතුරියට කොල්ලන් පස් දෙනෙකු උසුලු විසිලු කරනු දුටු ඔහුට යකා නැග්ගා. ඔහු කොල්ලන්ට බැන වදින්නට වූ අතර ඇය පියවි සිහියට එන්නේ එම ශබ්දයටයි. ඒ වන විටත් වෙරි මතින් සිටි ඇය ත්‍රීරෝද රථයෙන් බැස කොල්ලන් හා නිමල් අතර ඇති වූ ආරවුලට දායකත්වය දුන්නා.
 
ඔවුන් අසළට යන ඇය අතට හසුවන දුරක සිටි කොල්ලාට කනේ පහරක් එල්ල කරන්නේ ඇගේ චන්ඩිකමට බයේ කොල්ලන් පලා යනු ඇතැයි සිතමිනුයි.
 
ඇයගේ සිතුවිල්ල නිවැරදි වුණා. බිය වූ කොල්ලන් ඇය තල්ලු කර දමා දිව ගියා. එම තල්ලුවෙන් ඇය බිම ඇද වැටුණා. එයින් කම්පාවටත් කෝපයටත් පත්වූ නිමල් ඇය ඔසවා ත්‍රීරෝද රථයට දමා ගන්නේ, "අරුංව ෆලෝ කරන්න" ලෙසින් රියදුරුට පවසමිනුයි.
 
ත්‍රිරෝද රථයෙන් හඹා ගිය අනතුරුව ඔවුන් අල්ලා ගැනීමට නිමල්ට හැකිවුණා.
 
මත්වතුරින් හොඳ හැටි වෙරි වී සිටි නිමල්ට කොල්ලන් පස් දෙනෙකු සමඟ ගහගැනීම පහසු කරුණක් යැයි සිතෙන්නට ඇති. ත්‍රිරෝද රථයෙන් බැස ගන්නා ඔහු කොල්ලන් අසළට ගොස් පහර දෙන්නට යන්නේ ඒ නිසයි.
 
එහෙත් සිදුවූයේ කොල්ලන් නිමල් වටකරගෙන පහර දීමයි. හිසට එල්ල වූ පහරකින් නිමල් උඩුබැලි අතට බිම වැටෙද්දි කොල්ලන් පස් දෙනා ආපසු හැරී ආපු පැත්තටම දිව යන්නට වුණා. බිම වැටුණු නිමල් ආපසු නැගිට්ටේ නැහැ. එබැවින් ශ්‍යාමෙන් රියදුරුගේද සහය ඇතිව ඔහු ත්‍රීරෝද රථයකට දමාගෙන කොල්ලුපිටියේ පුද්ගලික රෝහලකට රැගෙන ගියා.
 
රැගෙන යන විටත් නිමල් මියගොස් සිටියා. රෝහලෙන් මෙම සිද්ධිය කොල්ලුපිටිය පොලීසියට දැනුම් දෙන අතර ඒ බව කොම්පඤ්ඤවීදිය පොලීසියට දන්වන්නේ කොල්ලුපිටිය පොලීසියෙන්. ඒ සිද්ධිය වූ ප්‍රදේශය කොම්පඤ්ඤ වීදියට අයත් නිසායි.
 
විමර්ශන ආරම්භ කරන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නාලක ගුණසේකර කණ්ඩායමක් ද සමඟ මුලින්ම යන්නේ කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලටයි.
 
ශ්‍යාමෙන්ගෙන් තොරතුරු දැනගෙන සිද්ධිය වූ ස්ථානයට යන පොලිස් කණ්ඩායමට දැනගන්නට ලැබුණේ මෙම සිද්ධියට සම්බන්ධ කොල්ලන් පස් දෙනෙකු ගුවන් හමුදාවෙන් අල්ලා පොලිසියට භාර දී ඇති බවයි.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තර කර ඇති බැවින් පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව රාත්‍රි මුර සංචාරයේ යෙදෙනවා.
 
එදින රාත්‍රී සංචාරයේ යෙදී සිටි ගුවන් හමුදා ජිප් රථයක් මුත්තයියා පාර දෙසට යද්දි කොල්ලන් කිහිප දෙනෙකු විරුද්ධ දිශාවට දිව යන අයුරු දකින්න ලැබුවා. එම මාර්ගයේ ඩයිනමෝ එක අසළට පැමිණි ගුවන් හමුදා භට පිරිසට එතැන සිටි අයකු මේ බව දැන්වුවා.
 
ජිප් රථය ආපසු හරවා ගන්නා එම භට පිරිස පලා යන කොල්ලන් පසුපස පන්නාගෙන ගොස් ඒ මොහොතේම ඔවුන් අල්ලා ගෙන පොලීසියට භාර දුන්නා.
 
මේ කොල්ලන් පස් දෙනාම එකම පවුලේ ඥාති සහෝදරයින් බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණා.
 
මින් දෙදෙනෙකු යුනියන් පෙදෙසේයි. ඉන් දෙදෙනෙකු පැමිණ සිටියේ මහනුවර සිටයි. අනෙකා පොල්ගස්ඕවිට සිට පැමිණ සිටියා. යුනියන් පෙදෙසේ පදිංචි අයියාගේ වයස අවුරුදු විසි හතරක්. මල්ලිට දහනවයක්. අනික් තිදෙනාම දහසය වැනි වියේ පසුව වූ අතර මොවුන් දෙමළ ජාතිකයෝ යි.
 
මධ්‍යම රාත්‍රීයේ මේ තරුණයින් පාරට බැස තිබුණේ රාත්‍රී ආහාරය ගැනීමට සිතාගෙනයි. ත්‍රීරෝද රථයක තනිවම සිටින තරුණිය දුටු ඔවුන් ඇයට උසුලු කරන්නට වූයේ පැමිණී ගමන ද අමතක කර දමමිනුයි.
 
විමර්ශනයේදී හෙළී වූ තොරතුරු අනුව ශ්‍යාමෙන්ද මීට වසර දෙකකට පමණ ඉහත මේ රූපලාවන්‍යගාරයේ සේවයේ නරතව සිට තිබෙනවා. ඇයත් නිමලුත් අතර ඇසුරක් හටගන්නේ ඒ කාලයේදියි. පසුව ඇය රැකියාවෙන් ඉවත්ව ගියත් දෙදෙනා අතර ඇති වූ ඇසුර දිනෙන් දින වැඩිවුණා.
 
මේ දෙදෙනා අතර අනියම් ඇසුරක් පවතින බව දැනගන්නා නිමල්ගේ බිරිය ඊට තදින්ම විරුද්ධ වී තිබෙනවා. එහෙත්.. ඔහු ඇයගේ විරෝධය එතරම් ගණනකට ගෙන නැහැ. මොහු ඇයගේ නිවසටද යන එන අතර ඇය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කර ඇති බවද හෙළි වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top