Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 21
349
Views
අලුතින් සොයා ගැනුණු හූනන් විශේෂ 6 කට වීරවරුන්ගේ සහ යෝධයින්ගේ නම් ඇතුළත් කළේ ජාත්‍යන්තරය තුළ ඔවුන් ප්‍රචලිත කිරීමේ අරමුණින් බව පරිසර ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධාන කර්තෘ සමීර සුරන්ජන් කරුණාරත්න පවසනවා. 

ඔහු ඇතුළු කණ්ඩායමක් කුඩිම්බිගල, රත්නපුර සහ පරගල යන ප්‍රදේශවල සිදුකළ ගවේෂණයකදී මෙම හූනන් විශේෂ හඳුනාගෙන තිබූ අතර, ජාත්‍යන්තර නාමකරණයට අනුව ඔවුන් විසින් එම සතුන්ට නන්දිමිත්‍රයි, ගෝඨයම්බරයි, බූටෑවේ රටේ රාළයි, හිටිහාමියි, කිවුලගෙදරයි, කොහුබුරේ රටේ රාළයි යනුවෙන් නම් කර තිබුණා.

කෙසේ වෙතත්, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ හූනන් සඳහා ජාතික වීරවරුන්ගේ නම් ඇතුළත් කිරීමට විරෝධය පළ කරන බවයි.  

කෙසේ වෙතත්, මෙම සතුන්ට නම් තබනු ලැබුවේ වීරවරුන්ට සහ යෝධයින්ට අපහාස කිරීමේ අරමුණින් නොවන බවයි පරිසර ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධාන කර්තෘ සමීර සුරන්ජන් කරුණාරත්න පෙන්වා දුන්නේ. 

එමෙන්ම, ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් මීට පෙර ද, සතුන් සඳහා යොදා ඇති බවයි. 

මේ අතර, බි්‍රතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා වැනි රාජ්‍ය නායකයින් මෙන්ම, කලාකරුවන් සහ මෙරට පරිසරවේදීන්ගේ ද නම් සතුන් සඳහා යොදා ඇති බව ද ඔහු සඳහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top