Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 21
986
Views

නිළියෝ වැඩි දෙනෙක් සිය නියම වයස කියන්නට අකැමැති වෙති. එහෙත් අගෝස්තු පළමු වෙනිදා සිය 32වැනි උපන් දිනය සැමරූ තාප්සි පන්නු නම් කියන්නේ 25 හැවිරිදි කාන්තාවක මෙන් වැඩ කරන්නට හැකිනම් වයස යනු ඉලක්කමක් පමණක් බවය. ‘‘වයස විසි ගණන්වලදී කෙනෙක් හිතන්නෙ අරයා වගේ වෙන්න ඕන.. මෙයා වගේ වෙන්න ඕන වගේ දේවල්.. ඇත්තටම ඒ වයසෙදි ජීවිතයට ඉලක්කයක් හොයනවා.. ඒත් තිස් වියට එළඹෙනකොට තමන් තුළ දැඩි විශ්වාසයක් ගොඩ නැඟිලා ඉවරයි.. තමන් හොයා ගත්ත පාර ඔස්සේ යන්න විතරයි තියෙන්නෙ..’’

ඇය කියන්නීය.

තමන්ගේ නියම වයස කියන්නට ඇලිමැලි කරන නිළියන් ්පමණක් නොව කාන්තාවන් බොහෝ දෙනෙක් තමාට හමු වී ඇති බැව් තාප්සී කියන්නීය.

‘‘තමන් ගැන විශ්වාසය ඇති කෙනෙකුට අවුරුදු 32 නෙමෙයි 42 වුණත් අවුරුදු 25 ක කාන්තාවක් කරන දේවල් කරන්න පුළුවන්.. අනිත් එක අපි වයස හංගන්නෙ කවුරු වෙනුවෙන් ද..? නිළියක් කියන්නෙ ප්‍රසිද්ධ කෙනෙක්.. ඕනම කෙනෙකුට ඔවුන්ගෙ නියම වයස හොයා ගන්න එක අමාරු නෑ.. අනිත් එක අද සමාජය දියුණුයි.. අතීත කාලෙදි තමයි අවුරුදු තිහ වෙනකොට කසාද බැඳල දරුවොත් ඉන්න ඕන කියලා මතයක් තිබුණෙ.. අද කාලෙ විසි ගණන්වල කාන්තාවන්ට වඩා ඉල්ලූමක් තිස් ගණන්වල කාන්තාවන්ට තියෙනවා..’’ තාප්සී කියන්නේ සිනාසෙමිනි.

මේ දිනවල ඇය දැකිය හැකි වන්නේ ආක්ෂේ කුමාර් සමඟ මිෂන් මංගල් චිත්‍රපටියෙනි.

තාප්සී සිනමාවට පිවිසියේ තෙළිගු චිත්‍රපටියක රඟ පාමිනි. හින්දි සිනමාවට එන්නට පෙර ඇය තවත් තෙළිගු, දෙමළ චිත්‍රපටි කිහිපයකම රඟ පෑවාය. ඇය රඟ පෑ ආඩුකාලම් චිත්‍රපටියට ජාතික සම්මාන හයක්ම හිමි වූයේය.

තමා කෙදිනකවත් නළුවෙකු සමඟනම් සම්බන්ධයක් ඇති කර ගන්නේ නැති බැව් ඇය පවසයි.

‘‘මට පෙම්වතෙක් හිටියා.. ඒ දකුණු ඉන්දියානු ජාතිකයෙක්.. හැබැයි නළුවෙක්නම් නෙමෙයි.. නළුවෙක් එක්ක කවදාවත් සම්බන්ධයක් ඇති කර ගන්නෙ නෑ කියලා මට මුද්දරයක් උඩ අත්සන් කරලා දෙන්න වුණත් පුළුවන්.. මම එහෙම කියන්නෙ නළුවන්ගෙ අඩුපාඩුවක් හින්දානම් නෙමෙයි.. දෙන්නම නළුනිළියො වුණාම ප්‍රශ්න වැඩි හින්දා..’’ තාප්සී පැවසුවාය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top