Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 21
576
Views
ගලගෙදර ප්‍රදේශයේ තරුණයෙක් පසුගියදා සිය පෙම්වතියගේ නිවෙසේ මිදුලේ සිටියදී පෙම්වතියගේ පියා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පිලිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ එම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. 

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයා අසල්වැසි ගමක පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබිණි. පාසල් ශිෂ්‍යාව ඉකුත් 16දා මෙම තරුණයාට දුරකථනයෙන් කෙටි පණිවුඩයක් යවමින් දන්වා ඇත්තේ රාත්‍රියේ තමා මුණ ගැසීමට නිවෙසට පැමිණෙන ලෙසය. ශිෂ්‍යාවගේ මවුපියෝ මෙම ප්‍රේම සම්බන්ධතාව කල්තියා දැනගෙන තිබුණු අතර ඊට ඔවුන් විරුද්ධතාව ප්‍රකාශ කර තිබිණි. නමුත් තරුණිය පෙම්වතා සමඟ දිගින් දිගටම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබිණි. 

පෙම්වතා රාත්‍රි 11ට පමණ ඇගේ නිවෙසට ගොස් මිදුලේ සිටියදී තරුණියගේ පියා ඔහු මිදුලේ සිටින බව දැක රබර් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත. පිලිස්සුම් තුවාල ලැබූ තරුණයා තම නිවෙසට දැන්වීමෙන් පසු අසල්වාසීන් පිරිසක් විසින් රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබිණි. වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර එවා තිබිණි. ඇසිඩ් ප්‍රහාරයෙන් තරුණයාගේ දකුණු අත උරහිසේ සිට වැලමිට දක්වාත් දකුණු ඉළ තුනටිය දක්වාත් පිලිස්සී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top