Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
454
Views
උපන් සැණින් තම දරුවා ගලා බසින ජල කාණුවකට විසිකළ බවට හැටන් දික්ඔය වනරාජ තේ වත්තේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව හැටන්  පොලීසිය පවසයි.

කාසල්රී ජලාශයේ දික්ඔය සම්බන්ධ වන, දකුණු වනරාජ ප්‍රදේශයේ ජලයේ පාවෙමින් තිබු බිළිඳු මළ සිරුරක් ඉකුත් (17) දා  ධිවරයකු විසින් නිරික්ෂණය කිරිමෙන් පසු පොලීසිය වෙත දන්වා තිබිණි.

පසුව එම ස්ථානයේ පරික්ෂණ වලින් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය  මූලික රෝහල වෙත යොමු කරන ලදී.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවු හැටන් පොලීසියට එම කාලය තුල දරුවන් ලැබිමට සිටි මවුවරුන් ආශ්‍රයෙන් කරන ලද විමර්ශන  වලදි දික්ඔය වනරාජ  තේ වත්තේ සිටි මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තිස් නම හැවිරිදි විවාහක කාන්තාවක් වන අතර ඇයට අවුරුදු 6ක ගැහැණු දරුවකු හා වයස අවුරුදු 3ක පිරිමි දරුවකුද සිටී. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව පවසයි.

ඉකුත් (14) දා පෙරවරුවේ ඇයට නිවසේදී මෙම දරුවා ලැබුණ බවත් ඉපදීමෙන් පසු දරුවා මිය ගිය නිසා ගලා බසින කාණුවට විසිකළ බවට ඇය පොලීසියට පාපොච්චාරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය සැකකාර කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මියගිය බිළිඳාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය 20  දා දික්ඔය මුලික රෝහලේදී සිදු කිරිමට නියමිතව තිබුණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top