Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
345
Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් නිර්නාමික ඊමේල් පණිවිඩයක් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

The Times Of Indian වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර ඇති අතර පාකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත මේවන විට අදාළ ඊමේල් පණිවිඩය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දීර්ඝ සංචාරයක නිරත වෙමින් සිටින අතර ලබන 22 වැනිදා කොදෙව් කණ්ඩායම සමඟ පලවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් ආයතනය පැය 24ක් ගතවීමට පෙර එහි පිටපත් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට අදාළ අනතුරු ඇඟවීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවද වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඊමේල් පණිවිඩය සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් The Times Of Indian වෙත සඳහන් කර ඇත්තේ අන්ටිගුවාහ ඉන්දීය තානාපති කාර්යාලය ද මේ වන විට දැනුවත් කර ඇති බවයි.

අදාළ ඊමේල් පණිවිඩයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඝාතනය කරන බවට පවසමින් අනතුරු අඟවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top