Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
688
Views

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ටෙස්ට් ක්‍රීඩක වර්ගීකරණයන්ට අනුව පිතිකරණ ලැයිස්තුවේ උසස්වීම් ලබන්නට නායක දිමුත් කරුණාරත්න, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සමත් වෙද්දී පන්දු යවන්නන්ගේ නාම ලේඛනයේ පියවර කිහිපයක් ඉදිරියට ඒමට අකිල ධනංජය හා ලසිත් ඇඹුල්දෙණියට හැකිව තිබේ.

ඒ අනුව ගාල්ලේදී පැවැති ශ්‍රී  ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි ඉනිමේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කළ දිමුත් සිය ටෙස්ට් දිවියේ ඉහළම ශේ්‍රණිගත ස්ථානය (ශේ්‍රණිගත ලකුණු 716) සටහන් කරමින් 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර, මෙයට පෙර ඔහු 12 වැනි ස්ථානයේ රැඳී සිටියේය. 

තවද නවසීලන්ත තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 660ක් ලබා 17 වැනි ස්ථානයේ රැඳී සිටි ඇන්ජිලෝ මැතිව්ස් නවසීලන්තයට එරෙහිවපැවැති පළමු තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 50ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 28ක් ලබා ගැනීම හේතුවෙන් ශේ්‍රණිගත ලකුණු 674ක් ලබා පියවර 3ක් ඉදිරියට පැමිණීමද විශේෂත්වයකි. 

 

මේ අතර නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු  61ක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල ශේ්‍රණිගත ලකුණු 582ක් ලබා පියවර 5ක් ඉදිරියට පැමිණෙමින් 33 වැනි ස්ථානයට පැමිණ ඇත. 

 

නවසීලන්ත තරගයේදී පළමු ඉනිමේදී කඩුලු 5ක් ලැබූ අකිල ධනංජය ශේ්‍රණිගත ලකුණු 479ක් ලබා පියවර 9ක් ඉදිරියට පැමිණෙමින් 36 වැනි ස්ථානයටත්, ලසිත් ඇඹුල්දෙණිය ශේ්‍රණිගත ලකුණු 247ක් ලබා පියවර 11ක් ඉදිරියට පැමිණෙමින් 69 වැනි ස්ථානයටත් පැමිණ තිබීමද කැපී පෙනේ.

 

කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන අළුබඳුන තරගාවලියේදී පළමු තරගයේදී ශතක දෙකක් මෙන්ම දෙවැනි තරගයේදී ලකුණු 92ක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ශේ්‍රණිගත ලකුණු 913ක් ලබා තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර, ශේ්‍රණිගත ලකුණු 922ක් ලබා මෙහි පළමු තැන ඉන්දියාවේ විරාත් කෝලිට හිමිව තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top