Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
258
Views

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මංගල උත්සවයක් පැවති ශාලාවකට ඊයේ රාත්‍රියේ එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

කාබුල් නුවර බටහිර කොටසේ පිහිටි ඩුබායි සිටි නැමැති උත්සව ශාලාවේ සිදුවූ එම දැවැන්ත පිපිරීමෙන් තවත් පුද්ගලයන් 182 කු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. 

ඊයේ රාත්‍රි 10.40 ට පමණ මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, එහිදී ඉලක්ක වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සුළුතරයක් වන ෂියා මුස්ලිම් ජන කොටසේ විවාහ මංගල්‍යය උත්සවයක්. 
------------------------------------------------------
update : Sunday, 18 August 2019 - 09.52

ඇෆ්ගනිස්ථානයේ මංගල සාදයකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මංගල උත්සවයක් පැවති ශාලාවකට ඊයේ රාත්‍රියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කාබුල් නුවර බටහිර කොටසේ පිහිටි ඩුබායි සිටි නැමැති උත්සව ශාලාවේ සිදුවූ එම දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් විසි දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඊයේ රාත්‍රි 10.40 ට පමණ මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, එහිදී ඉලක්ක වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සුළුතරයක් වන ෂියා මුස්ලිම් ජන කොටසේ විවාහ මංගල්‍යය උත්සවයක්.

සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරය වාර්තා වන්නේ තලේබාන් සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා අවසන් අදියරට පැමිණ තිබියදීයි.




  

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top