Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
279
Views
අභියෝග හමුවේ සන්නද්ධව පිළිතුරු සැපයූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලොව අංක දෙකේ ටෙස්ට් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලූ හයක සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (18 ) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත් වූහ. ඒ අනුව හත් වසරකට පසුව නවසීලන්තය පරාජය කර දැමූ සත්කාරකයන් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් වශයෙන් පෙරමුණ ගැනීමටද සමත් විය.
 
 අදාළ ජයත් සමග ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන පළමු තරගයේදීම සම්පූර්ණ ජයග්‍රහණයක් වෙනුවෙන් හිමිවන ප්‍රසාද ලකුණු 60 ම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මීට පෙර එම සම්පුර්ණ ලකුණු 60 දිනාගෙන තිබුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ එංගලන්තයට එරෙහිව අළු බඳුන තරගාවලියේදීය.
 
 දඟ පන්දු යවන්නන්ට රජ දහනක් බඳු ගාලූ තණතීරුවේදී සිව්වැනි ඉනිමේදී ලකුණු 268 ක ඉලක්කයක් යනු දැලි පිහියෙන් කිරි කන්නාක් මෙන් බැ?රුම් කර්තව්‍යයක් විය. මීට පෙර ශ්‍රී ලංකාව ගාල්ලේදී සිව්වැනි ඉනිමේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට වාර්තා කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව 99 කි. ඒ 2014 වසරේදී පාකිස්තානයට එරෙහිවය. තරගයේ සිව්වැනි සහ පස්වැනි දිනවල පන්දු තදින් දඟ කැවෙද්දී පිතිකරුවන්ට කඩුලූ රැක ගැනීමද වෙහෙසකර කර්තව්‍යයක් විය. නමුත් නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ලට වාර්තාගත සබඳතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ අඩිතාලම සකස් කර දැමුවේය.
 
sp1 2තිරිමාන්න සහ කරුණාරත්න පළමු කඩුල්ලට ලකුණු 161 ක සබඳතාවක් පිහිටුවද්දී නවසීලන්තයට කරකියා ගත හැකි දෙයක් නොමැතිව අතරමංව සිටියේය. ඔවුන් දෙදෙනා විසින් බිඳ හෙළනු ලැබුවේ වසර 27 ක් පැරණි ආරම්භක කඩුල්ලේ වාර්තාවකි. මීට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් සිව්වැනි ඉනිමේදී පිහිටවූ ඉහළම සබඳතාවය වූයේ ලකුණු 110 කි. එම වාර්තා රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ විසින් 1992 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පිහිටුවා තිබුණි.
 
 සිව්වැනි ඉනිමේ ආරම්භක කඩුල්ලේ වාර්තාව පිහිටවු තිරිමාන්න සහ කරුණාරත්න නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් පැවැත්වූ හොඳම සබඳතාවද සටහන් කළේය. එම වාර්තාවද මීට පෙර තබා තිබුණේ චන්දික හතුරුසිංහ සහ රොෂාන් මහානාම එක්වයි. ඒ. 1992 දී එස්.එස්.සී. පිටියේදී නවසීලන්තය සමග පැවැති තරගයේදීය.
 
 ටෙස්ට් ඉනිම 23 කට පසු ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න ඊයේ වාර්තා කරනු ලැබුවේ ඔහුගේ නව වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 243 ක් පුරා පිති ප්‍රහාරය මැනවින් දියත් කළ කරුණාරත්න හතරේ පහර හයක් සහ එක් හයේ පහරකින් තම ඉනිම සරසා ගනිද්දී තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඊටත් එහා ගිය සතුටක් ඔහුට තිබුණි. ඒ තමන් නායකත්වය දුන් ටෙස්ට් තරග තුනම පිට පිටම ජයග්‍රහණය කිරීමයි. මීට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට කරුණාරත්නගේ නායකත්වය සමත් විය. ස්ථානය ආරක්ෂා කර ගැනීමේ සටනක නිරතව සිටින ළහිරු තිරිමාන්න පන්දු 163 ක් කඩුල්ල රැක ගනිමින් හතරේ පහර හතරක් සමග හය වැනි ටෙස්ට් අර්ධ ශතකය වර්තා කළේය. ඒ අතරවාරයේදී ඔවුන් දෙදෙනා විසින් දුන් උඩ පන්දු ද නවසීලන්ත ක්‍රීඩකයෝ අතහැර දැමූහ.
 
 කඩුලූ අතැතිව තිබුණද අවසන් ලකුණු කිහිපයටද තණතීරුව අවදානමක තිබුණි. නමුත් ඇන්ජලෝ මැතිව්ස් එක් අන්තයක නොදැවී සිටිමින් පන්දු 73 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව (28) නිසා ශ්‍රී ලංකාවට කඩුලූ හයක් අතැතිව තරගය ජය ගැනීමට හැකිවිය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top