Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 19
112
Views
වලපනේ මන්දාරම්නුවර සිට උඩපුස්සැල්ලාව දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මිටර් 30 පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ පියා මිය ගොස් ,දරු තිදෙනා බරපතළ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව කඳපොල පොලිසිය පවසයි.
 
 මෙම අනතුර සිදුවි ඇත්තේ පෙරේදා (17) නුවරඑළිය උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයේ කඳපොල එස්කඬේල් වත්ත ප්‍රදේශයේදිය. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලපනේ මන්දාරම්නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි ටී.පී. රූපසිංහ (50) සහ රෝ හිණි කුමාරි(45) යන අඹු සැමි යුවළයි.
 
 නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් යන අතරතුර එකම පවුලේ පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය අනතුරට පත් වීමෙන් තුවාල ලැබු ගැහැනු ළමයින් දෙදෙනකු සහ පිරිමි ළමයෙකු සිටින බවත්, ඔවුන් අවුරුදු 6 ,16 ,19 වයස් කාණ්ඩවල පසුවන අය බවත් පොලිසිය පවසයි.
 
 ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන කඳපොල පොලිසිය සැකකරයි. මියගිය දෙදෙනාගේ මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top