Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 17
1,021
Views
ටෙස්ට් කඩුලූ 250 ක් ලබා ගැනීම තමාගේ ඉලක්කය බව වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පවසයි. පන්දු යවන්නකු වශයෙන් නොව පිතිකරුවකු වශයෙන්ද ඔහු දැන් දක්ෂතා දක්වමින් කණ්ඩායමට අවශ්‍ය සේවය උපරිමය ලබාදීමට උත්සහ කරමින් සිටියි. ඒ අනුව නවසීලන්ත පළමු ඉනිම අභිබවා යෑමටද ලක්මාල්ගේ තුන් ඉරියව් දක්ෂතාව පිටිවහලක් විය.
‘‘මූලික ඉලක්කය වුණේ පළමු ඉනිම අභිබවා යෑමට. දික්වැල්ල මට ගොඩක් දේවල් කියනවා. නමුත් ඔක්කොම ඔළුවේ දාගෙන ඉන්න මට බැහැ. ඒ නිසා මම කිව්වා මම මගේ පැත්තෙ කඩුල්ල බලාගන්නම් ඔයා ලකුණු අතරට එන්න කියලා. ඒ වෙලාවෙ කරන්න පුළුවන් උපරිම දෙය ඒක තමයි -  මොකද එතැනින් කඩුල්ලක් ගියානම් ආයිත් එන්නෙ පන්දු යවන්නන් දෙන්නෙක්. ’’

තණතීරුවේ පිතිකරණයේ යෙදීම සිව්වැනි දිනය වන විට තවත් අපහසු වන බව පවසන ලක්මාල් තමාගේ පිතිකරණය දියුණුකර ගැනීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

‘‘මමත් දුර්වල පන්දු ලැබුණහම පහරවල්වලට ගියා. තණතීරුව දඟ කැවීමත් සමග ඉපිලීමකුත් තියෙනවා. මේ තණතීරුවේ ක්‍රීඩා කිරීම ලේසි නැහැ. එක එක්කෙනා කියනවා මට හොඳට බැට් කරන්න පුළුවන් නමුත් කඩුල්ල විසි කරලා එනවා කියලා. මම අන්තිම අවුරුදු එකහමාරක කාලයේදී මට ලැබෙන සෑම වෙලාවකදී පිතිකරණ පුහුණුකරුත් සමග දැල තුළ පන්දුවට පහර දෙනවා. ඒ නිසා තමයි මට පිතිකරණයෙනුත් කණ්ඩායමට අවශ්‍ය දේ දෙන්න පුළුවන් වුණේ. මම දන්නවා මට බැට් කරන්න පුළුවන් කියලා. ’’

සුරංග ලක්මාල් දැනට ටෙස්ට් තරග 57 කදී කඩුලූ 137 ක් දවාගෙන තිබේ. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 39. 43 කි. , ‘මම ගොඩක් දුක් වින්දලා තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නෙ. ගොඩක් මහන්සි වෙනවා කඩුලූ 150 ක් ඉක්මනින්ම දවා ගන්න. වේග පන්දු යවන්නෙක් විදිහට ටෙස්ට් කඩුලූ 250 ක් ලබා ගන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැනට වේග පන්දු යවන්නන් අතරින් මම වාස් අයියට විතරයි දෙවැනි වෙන්නෙ. ඇත්තටම ඒක ලොකු සතුටක්. ’
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top