Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 16
816
Views
මරා වළ දමා තිබු කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා පුත්තලම මුලස්ථාන පොලීසියට ඊයේ ( 15 ) සවස නියෝග කෙරුණි .

මෙසේ මරා දමා තිබුණේ පුත්තලම නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වු 36 හැවිරිදි ඒ.ආර්.එම් . සෆිස්  නැමති දෙදරු පියෙකු බව පොලීසිය පවසයි .

මරණයට පත් ව්‍යාපාරිකයා පොල් ඉඩම් හිමිකරුවකු සේම පොලි පදනම මත මුදල් දීම සිදුකරන අයෙකු බවද පැවසේ.

අදාළ  ව්‍යාපාරිකයා පසුගිය 11 දින සවස සිට නිවසින් අතුරුදහන් වි ඇති බවට ඥාතීන් පුත්තලම පොලීසියට කරන ලද පැමිණිලි  මත සිදුකරන ලද දිර්ඝ  විමර්ශන වලදී  අදාළ ඝාතනය සම්බන්ධව හෙළිවු තොරතුරක් මත 15 දින සවස මෙම ව්‍යාපාරිකයා මරා වළ දමා තිබු ස්ථානය සොයා ගත් බව පොලීසිය පවසයි.

අදාළ  ව්‍යාපාරිකයා පසුගිය 11 දින සවස 2.30 ට පමණ  ඔහුගේ යතුරුපැදියකින් පොලියට මුදල් දී තිබු තැනැත්තෙකුගෙන් පොලි මුදල් ලබා ගැනිමට ගොස් තිබියදී ඝාතනයට ලක්ව ඇති බවට මුලික පරික්ෂණ වලදි හෙළිවි තිබේ .

පොලියට මුදල් ලබා ගත් තැනැත්තා හා ව්‍යාපාරිකයා අතර බහින් බස් විමක්   සිදුවිමෙන් පසුව මෙම ඝාතනය මුදල් ලබා ගත් තැනැත්තාගේ නිවසේදී  සිදුව ඇති බව දැනට ලැබි ඇති තොරතුරු වලින් සනාථ වි තිබේ .

ඝාතනය සම්බන්ධයෙන් පොලි මුදල් ලබා ගත් සැකකරු හා ඔහුගේ මිතුරෙකු බව කියන අයෙකු ද ප්‍රශ්න කිරිම සදහා ඊයේ  දින පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිව තිබුණේ අදාළ  ව්‍යාපාරිකයා සැකකාර පොලියට මුදල් ලබා ගත් තැනැත්තාගේ නිවසට ගමන් කරන සිසිටිවි දර්ශන ස්ථාන කිපයකදී සොයා ගැනිමෙන් පසුව බවත් එයට අමතරව දුරකථන ඇමතුම් සම්බන්ධ වලින් ලබා ගත් තොරතුරුත් මත  බව පැවසේ.

මෙම සැකකරුවන්ගෙන් කල  දිර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසුව පොලීසිය මෙම සැකකරුවන් ව්‍යාපාරිකයා වළ දමා තිබු පුලිදිවායල් වෙට්ටුකාඩු ප්‍රදේශයේ ඉඩමේ අදාළ  ස්ථානය පුත්තලම දිසාවිනිසුරුවරයා ඉදිරියෙදී ඊයේ  දින සවස කැණිම සිදුවු අතර එහිදි අදාළ  සිරුර ඉටි කවරයක බහා අඩි පහකට ආසන්න ගැඹුරක වලක් කපා වළ  දමා ඉන්පසුව කිසිවකුට සැක නොසිතන ලෙසට එම වළ  පොල් අතු හා පොල් කොට දමා වසා දමා තිබුණි .

අදාළ  සිරුර පුත්තලම දිසා විනිසුරු ඉදිරියේ ගොඩ ගැනිම සිදුවු අතර එම අවස්ථාවට පුත්තලම මුලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නදිකා අබේවික්‍රම මහත්මිය ද එක්වි තිබුණි.
අද
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top