Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 February 19
755
Views
මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණීම සඳහා වන නිවාඩු යෝජනාවක් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කළේය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ නිවාඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය ඊට පසුව සම්මත කරන ලදී. කෙසේ නමුදු ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මාස තුනකට පාර්ලිමේන්තුවට නොපැමිණීමට අවසර ඉල්ලන්නේ නම් ඊට අදාළ හේතු ද දැක්විය යුතු බවයි.

මීට ප්‍රතිචාර දැක්වූ කථානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ එය ඉතා හොඳ අදහසක් බවත්, පාර්ලිමේන්තුව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි නිවාඩු යෝජනාවක් ගෙන එන ලෙස බැසිල් රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ පිළිබඳව අවසාන තීන්දුව ගැනීම පාර්ලිමේන්තුව සතු බවත්ය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top