Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 16
1,366
Views
හඳුනා ගැනීමට නොහැකි වන ලෙස මුහුණත් හිසත් කුඩු පට්ටම් කර ඝාතනය කළ තරුණියකගේ සිරුරක් ඉන්දියාවේ පන්ඩුර්තා - නාග්පූර් අධිවේගී මාර්ගය අසළ ඇති බවට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් පොලීසියට පසුගිය දිනෙක දුරකථන ඇමතුමක් ලැබුණා.
 
සිද්ධිය සැලවීමත් සමඟ අධිවේගී මාර්ගයේ මළසිරුර තිබූ ස්ථානයට ගිය නාග්පූර් පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹනු ලැබුවා.
 
එහිදී ඝාතනය කෙරුණු තරුණිය 19 හැවිරිදි කුෂි පරිහාර් නැමැත්තියක් බවට පොලීසිය හඳුනාගත්තා.

සමාජ මාධ්‍ය වල තිබූ ඡායාරූපවලට අනුව ඇය හඳුනාගැනීමට පොලීසියට පහසු වුණා. වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ මෝස්තර ශිල්පිණියක් වීමේ අරමුණ ඇතිව ඇය එම කේෂ්ත්‍රයට පිවිසුණු තරුණියක් බවයි.
 
කුෂිගේ ඝාතනය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක යෙදුණු පොලීසිය ඇගේ පෙම්වතා වූ අෂ්රාෆ් ෂෙයින් නැමැත්තා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට වූ අතර එම ප්‍රශ්න කිරීමේදී කැෂි පරිහාර් මරා දැමූවේ තමන් විසින් බව ඔහු පිළිගනු ලැබුවා.
 
'අෂ්රාෆ්' සමඟ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී ඇති වූ බහින්බස් වීමක ප්‍රථිපලයක් වශයෙන් ඇගේ ඝාතනය සිදු වී ඇති බව විමර්ශනවලදී හෙළි වුණා.
 
මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කළ කුෂි වෙනත් පිරිමින් සමඟ හැසිරෙන ආකාරය අෂ්රාෆ්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබුණා. මේ නිසා කුෂි කෙරෙහි ඔහු තුළ ඇති වූ සැකය දිනෙන් දින වර්ධනය වී තිබුණා.
 
තම පෙම්වතිය පිරිමින් සමඟ අනිසි ලෙස හැසිරෙන්නේ ඇගේ රූමත්කම නිසා බව දැනගත් අෂ්රාෆ් ඇයට දිය යුතු හොඳම දඬුවම ඇගේ රූමත්කම විනාශ කර දැමීම බව සිතාගෙන ඇය කෙරෙහි දැඩි වෛරයක් බැඳගෙන තිබෙනවා.
 
ඒ අනුව දිනක් ඇය සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී ඇතිකරගත් බහින්බස් වීමෙන් පසු ඇගේ මුහුණත් හිසත් විනාශ වන අයුරින් දරුණු ලෙස ඇයට පහරදී ඇති අෂ්රාෆ් ඉන්පසු ඇගේ සිරුර අධිවේගී මාර්ගය අසළ දමා පැනගොස් තිබුණා. ඔහුට අවශ්‍යව තිබුණේ ඇගේ මුහුණ ඉතා දරුණු ලෙස විකෘති කිරීම බව පරීක්ෂණවලදී හෙළි වුණා.
 
ඇගේ ඝාතනය මාධ්‍ය මඟින් හෙළි කිරීමත් සමඟ මුළු මහත් මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේම අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර එය ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුණා.
 
කුෂිගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුවීමත් සමඟ පොලිස් විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස ඇගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට හැකිවීම ගැන අධිකරණයේ ප්‍රශංසාව පොලීසියට හිමි වුණා.
 
අනතුරුව සැකකාර අෂ්රාෆ් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නාග්පූර් පොලීසිය කටයුතු කළා.
 
අධිකරණය ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අතර ඉදිරි දිනවලදී ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති.

රෝහණ ආර්යරත්න


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top