Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
800
Views
කොළඹ නුවර  ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේදී අද (15)  පෙරවරු 8.00 ට පමණ බස් රථයක් , මෝටර් රථ දෙකක් , යතුරු පැදි දෙකක් ,වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය පවසයි.

බස් රථය නුවර දෙස සිට කොළඹ දෙසටත් අනෙත් සියලුම වාහන ඊට ප්‍රතිවිරුද්ද දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. පළමුව  බස්රථය එක්  යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී ඇති අතර  අනතුරුව බස්රථය  මෝටර් රථ දෙකෙහිද ගැටී ඇති බවත් පසුව ඉන් එක් මෝටර් රථයක් වෑන් රථයේ සහ ත්‍රීරෝද රථයේත්  අනෙත් යතුරු පැදියේත්  ගැටී ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.

බස් රථය කුඩා ළමුන් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක් සඳහා ගමන් කරමින් තිබියදී අනතුර සිදුව ඇති නමුත් ඉන්  කිසිදු දරුවෙකුට හානියක් සිදුව නොමැත.

බස්රථය වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ දැරූ අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇතිබව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

බස් රථය සහ එහි රියදුරා නිට්ටඹුව පොලිසිය මගී අත්අඩංගුවට ගත බවත් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමන්ත මහතා පවසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top