Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
507
Views
ආණමඩුව රඹාවැව තම්මැන්නාවැව ඉස්මත්තේ දංගසක ලණුවක ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටි පුද්ගලයකුගේ සිරුරක් අද  ( 15)  දින අලුයම සොයා ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නැබඩවැව පදීංචි දෙදරු පියකු වන සුනිල් ශාන්ත නැමති 42 වයසැති පුද්ගලයකු බව කියයි.

මෙසේ මරණයට පත්වු තැනැත්තා පසුගිය 8 දින අලුයම සිය බිරිඳ පොරවකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ .

එලෙස ඝාතනයට ලක්වු  රසිකා ප්‍රියර්ශනී නැමති (40 ) දෙදරු මව සිය සැමියා දිගින් දිගටම සිදුකල කෘර අමානුෂීක ලෙස වඳ  දිම් ඉවසා ගැනිමට නොහැකිව තනිව නිවසේ වාසය කරමින් සිටියදී සැමියා විසින් ඝාතනය කර තිබු බවට පොලිස් පරික්ෂණ වලදී සනාථ කරගෙන තිබුණි.

එසේ ඝාතනයට ලක්වු කාන්තාවට සියදිවි නසාගෙන සිටින පුද්ගලයා (සැමියා ) විසින් වසරකට පෙර පහර දී තියුණු ආයුධයකින් වම් අත ඉවත් වන ලෙසට  කපා තිබු බවද  පොලීසිය කියයි.

අදාළ  සැකකාර පුද්ගලයා දංගසක එල්ලි සියදිවි නසා ගෙන සිටින ආකාරය වැව් ඉස්මත්තේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක පොලීසියට දන්වා තිබු බව කියයි.

සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top