Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
815
Views
පවුලේ සාමාජිකයන් සමග 2012 වසරේ ජනවාරි 26 ඥාතියෙකුගේ අවමගුල් උළෙලකට ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වැන් රථයක් කළුතර ඇලමෝදර ප්‍රදේශයේදී හදිසියේ ගිනිගැනීමෙන්, සිය බිරිය, නැන්දනිය සහ කුඩා දරු දෙදෙනකු වෑන්රිය තුළම දැවී මියයනු සියැසින් දුටු ආදරණීය පියෙක්, එම අනතුරින් දිවි ගලවා ගන්නට වාසනාව ලද සිය පුතු සමගින් නොබෝදා පැවිදි දිවියට ඇතුළත්විය.

එසේ අනතුරින් දිවි ගලවාගත්තේ ඉංගිරියට නුදුරු හදපාගොඩ, බටුගම්පළ පදිංචි 42 හැවිරිදි සුසන්ත සංජීව ගිනිමලගේය. ඒ මහතාගේ බිරිය, ඔවුන්ගේ දියණිය බුර බුරා ඇවිළුණු ගිනි ජාලාව මැදින් වෑන් රියෙන් එළියට විසිකිරීමෙන් දියණියගේ දිවි බේරී ඇති අතර, සුසන්ත මහතාත්, ඔහුගේ පුතාත් බරපතළ පිළිස්සුම් තුවාල ලබා දිවි ගලවාගත්හ . මෙම සිද්ධිය වනවිට සුසන්ත මහතා පනාගොඩ යුද හමුදා කදවුරේ සිවිල් සේවකයකු වශයෙන් සේවය කර ඇත.
තම පවුලේ සාමාජික පිරිස සමග අවමගුල් උළෙලකට සහභාගි වී නැවත පැමිණෙද්දී කළුතර, ඇළමෝදර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ගිනිගත් වෑන්රියේ පෙට්‍රල් ටැංකියක් තිබී නැති බවත්, ප්ලාස්ටික් කෑන් එකකට පිරවූ පෙට්‍රල් වයරයක් මගින් එන්ජිමට ලබාදීම මඟින් වාහනය ධාවනය වී ඇති බවත් ඒ දිනවල මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

එසේම ගිනිගත් වෑන් රියේ පිටුපස තවත් පෙට්‍රල් කෑන් එකක් තිබී ඇති අතර, ගින්න ක්ෂණිකව වෑන් රිය පුරා පැතිර යාමට එයද හේතුවක් වී තිබූ බවද වාර්තා විය. මෙම සිද්ධියට මුහුණ පා එය සියැසින්ම දුටු සුසන්ත මහතාට ජීවිතයේ අනියත බව නියත ලෙසම දැනී තිබුණි. සසර ගමත්තේ කෙළවරක් නැතැයි හැගුණු සුසන්ත මහතා, මහමඟ වඩින භික්ෂූන් වහන්සේලා දෙස බලාසිටින්නට වුයේ ඉමහත් භක්තියකිනි. ඔහුගේ සිත පන්සල වෙත ඇදී ගියද, පැවිදිවීමට සිත තුළ උතුරාගිය ආශාව සිත තුළම සිරකර ගැනීමට සිදුවූයේ මව ද අහිමි සිය පුංචි පුතු සහ දියණිය  තනිකර දමා එම ගමන යාමට සිත හදාගත නොහැකි වූ නිසාය.

සුසන්ත මහතාට පනල්ල මුකැටියාගොඩ ශ්‍රී ගංගාතිලක විහාරාධිපති ජගුල්ලේ සෝමාලෝක හිමියන් මුණගැසෙන්නේ මෙලෙස දහසකුත් එකක් ගැටලු මැද තනිව සිටින විටදීය. සුසන්ත මහතාගේ දුක්ගැනවිල්ල අසා සිටි සෝමාලෝක හිමියෝ, සුසන්ත මහතාගේ ගමට ආසන්නව පිහිටි ඉංගිරිය, නිමලගම විහාරස්ථානයේ විහාරාධිකාරී, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ආචාර්ය ඇතිමලේ සධාලංකාර හිමියන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එකම පුතුද පැවිදි දිවියට ඇතුළත් කරගැනීමට කැමැත්ත ලබාදුනේය.

14 වියැති එම කුලදරුවා බටුගළ පඤ්ඤාලෝක නමින් පසුගියදා සසුන්ගත වූයේය. කසාවතින් සැරසී මහමග වඩින සිය එකම පුතු දැකීමෙන් සුසන්ත මහතාගේ පැවිදිවීම ආසාච තවතචත් උත්සන්න වුවත්, තවමත් පාසල් වියේ පසුවන සිය දියණිය නිසා එම ආශාව නැවතත් සිත තුළම සිරකර ගැනීමට ඔහුට සිදුවිය. එහෙත් පසුව දියණිය සිය සොහොයුරකුගේ භාරකාරත්වයට නීත්‍යනුකූලව පැවරීමෙන් අනතුරුව සිය පැවිදිවීමේ ආසාව සුසන්ත මහතා සපුරාගන්නේ ගගුලේ සෝමාලෝක සහ ඇතිමලේ සධාලංකාර හිමිවරුන්ගේ ආචාර්යත්වය යටතේ බටුගම්පළ විසුද්ධාලංකාර නමින් පැවිදි දිවියට ඇතුළත් වෙමිනි.


මෙම පිය-පුතු දෙපළ පිළිගැනීමේ උත්සවයක් පසුගියදා ඉංගිරිය, බටුගම්පළ, නිමගලම විහාරස්ථානයේදී පැවති අතර, කසාවතින් සැරසුණු මෙම ආදරණීය පිය-පුතු දෙපළ මහමග එක පෙළට වැඩම කළේ බලාසිටි සියල්ලගේම දෑස් අග කඳුළින් තෙත්කරමිනි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top