Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
242
Views
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ නවතා තිබූ බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ලොරි රථය සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 

මෙම සැකකරු ප්‍රධාන මාර්ගය අභියස තිබූ වැන් රථයක දොරක විවෘත කිරිමට උත්සහ කර එය ව්‍යාප්ත වු නිසා වැන් රථයට ඉදිරියෙන් වු කුඩා ලොරි රථයේ දොර විවෘත කර එය පන ගැන්විමට උත්සහ කර ලොරි රථය පන ගැන්විමට නොහැකි වු නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කර පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස්  සගවා තිබෙනවා. 

පසුව ලොරි රථයේ අයිතිකරුගෙන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු අවුරුදු 37 වයසැති හැටන් රොතැස් වතුයායේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top