Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 15
474
Views
‘‘මගේ උපන් දිනයදා ඔයාට අමුතු තෑග්ගක්’’ යැයි පෙම්වතියට එස්.එම්.එස්. පණිවුඩයක් යවා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ යෙදී සිටි සෙබළකු ඊයේ (14 දා) අලූයම සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇත.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ පොලොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ඉංජිනේරු සෙබළ ප්‍රසන්න මනෝජ් මධුසංක නමැති යුද හමුදා සෙබළෙකි. හෙතෙම කොටුව ආරක්‍ෂක අමාත්‍යාංශයට යාබද යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ නිරත වන අයෙකි. ඔහු පෙරේදා (13 දා) රාත්‍රි රාජකාරියේ යෙදී සිටියදී අලූයම 4.10 ට පමණ වෙඩි තබාගෙන ඇතැයි කොටුව පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

වෙඩි තබාගත් සෙබළාට අයත් ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී ‘‘මගේ උපන් දිනය දා ඔයාට අමුතු තෑග්ගක්’’ ඇතුළු වැකි කිහිපයක් සටහන් කර පෙම්වතියට එස්.එම්.එස්. පණිවුඩයක් යවා තිබෙන බව විමර්ශනවලදී හෙළි වූ බව ද එම නිලධාරියා කීය. වෙඩි තබාගත් සෙබළාගේ 27 වැනි උපන්දිනය ද ඊයේට යෙදී තිබූ බව එම නිලධාරියා කීය.

වෙඩි තබාගත් සෙබළාගේ සේවා කාලය වසර තුනකුත් මාස 10 ක් බව හෙළි වී ඇත. කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සූරියකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top