Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
960
Views
70 හැවිරිදි ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් මතුව තිබෙනවා. ඊයේ දිනට යෙදී තිබූ ලෝක හස්තීන්ගේ දිනයේදී මෙම ඇතින්නියගේ වැහැරුණු සිරුර සහිත ජායාරූපයක් සමාජ මාධ්‍ය තුලට එක්කර තිබුණේ සෙන්ඩුයීන් චායිලට් නැමති තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් විසින්.

ඇය ආසියානු අලි ඇතුන්ගේ සංරක්ෂණය උදෙසා පිහිටුවා ඇති සේව් එලිෆන්ට් පදනමේ පුරෝගාමිනියයි.

සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ටිකිරිගේ ඡායාරූපයට සටහනක් යොදමින් ඇය කියා සිටියේ අඛණ්ඩව දින 10ක් රාත්‍රී කාලයේ දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවයි.

අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති බවයි ඇය කියා සිටියේ.

මෙම ඇතින්න ඊයේ දිනයේ රන්දෝලි පෙරහර සඳහා යොදාගෙන තිබූ අතර ඇය අසනීප තත්ත්වයකින් පසුවී ඇති බව මෙරට සත්ව ක්‍රියාකාරිණියක් වන ඉරාකි කොඩිතුවක්කු ද ප්‍රකාශ කළා.

මෙම ඇතින්න දළදා පෙරහරට එක්කර ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දළදා මාලිඟාවේ අලි පන්තිය භාර ප්‍රදීප් මියනපලාවගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙම ඇතින්න වසර 55ක කාලයක් දළදා පෙරහරේ ගමන් කර ඇති බවයි.

වයෝවෘධ ඇතින්නක් පෙරහරට යොදවා ගැනීම සම්බන්ධයෙන් සත්ව ක්‍රියාකාරී සංවිධාන නගන චෝදනාව පිළිබඳව මෙම ඇතින්න භාර ඉසංක අමල් තිලකරත්නගෙන් ද අප විමසීමක් කළා.

මීට වසර 7කට පෙර ඔහුගේ භාරයට ගෙන ඇති ඇතින්න මාස 06ක කාලයක් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පීඩා විඳ තිබෙනවා.

එම කාලයේ ඇතින්න වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවර දළදා පෙරහරට එක්කළ බවයි ඇතින්නගේ භාරකරු වන ඉසංක අමල් තිලකරත්න වැඩිදුරටත් කියා සිටියේ.
Image may contain: outdoor and nature
Image may contain: 1 person, outdoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top