Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
943
Views
ලොවක් ආදරය කල බොලිවුඩයේ නිපදවූ අපුරු චිත්‍රපටියක් තමයි Kabhi Alvida Naa Kehna කියලා කියන්නේ. ලොව පුර ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් මෙම අපුරු චිත්‍රපටිය සදහා ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ගේ මෙන්ම නළුවන් රැසකගේද දායකත්වය ලැබුනා . ඉතින් අපි අද කියන්නේ එම බොලිවුඩ් චිත්‍රපටියේ සුපිරි නළු නිලියන් වන රාණි මුකර්ජි, ප්‍රීති සින්ටා,ශාරුක් ඛාන්ට අමතරව තම දායකත්වය ලබාදුන් අපුරු පුංචි තරුවක් පිලිබදවයි .

ඇය නමින් Ahsaas Channa වන අතර මෙම සුපිරි චිත්‍රපටිය සදහා ඇය තම රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ පුංචි පිරිමි ළමයකුගේ චරිතයකටයි. එත් මෙහි විශේෂත්වය තමයි අවුරුදු 4 ක් තරම් පුංචි වයසකදී ඇය මෙම සුපිරි චිත්‍රපටිය සදහා තම දායකත්වය ලබා දීම .

පිරිමි ළමයෙකුගේ චරිතයක් මේ විදිහට රඟදක්වපු Ahsaas ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වුනා වගේම බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් රැසකගේ ඇගයීමට ලක්වුනා කියලා ඇය පසුගිය දවසක කියලා තිබුනා. 

මෙම චිත්‍රපටියේ තම පියාණන්ගේ චරිතයට රංගනය සැපයූ සුපිරි තරු ශාරුක් ඛාන් විශේෂයෙන්ම ඇයව අගය කළා කියලා Ahsaas තවමත් බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි තම රූපගත කිරීම් අවසන් වීමෙන් පසු ශාරුක් ඉතා සතිටින් අත්පොලසන් දෙමින් තම රංගන හැකියාව අගය කල බවටද ඇය වැඩිදුරටත් පවසා තිබුනා.

ඉතින් මෙම සුපිරි චිත්‍රපටිය තිරගත වී වසර 13 කට පසු ඒ සුන්දර අතීතය ගැන ඇය මතක් කලේ නිහතමානී සතුටකින් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

Kabhi Alvida Naa Kehna චිත්‍රපටය තිරගත වෙලා වසර 13 ගතවන අද දවසේ Ahsaas ඒ සුන්දර අතීතය මතක් කරන්නේ නිහතමානී සතුටකින්.



     

   
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top