Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
527
Views
ශ්‍රී ලංකාවේ ගැටලුවල (යුද්ධය) උච්ඡතම අවස්ථාවේදීත් තමන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙක් වන කුමාර් සංගක්කාර එම කමිටුවේ රැස්විමකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව කමිටුවේ අවධානය යොමුවූ අවස්ථාවේදි එයට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර මේ බව පවසා තිබේ.

එසේම එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත ආකාරයට ඉදිරිය යා යුතු බවත් ඔහු සඳහන් කරයි’

“ හැම රටක්ම ස්වාධීනව ආරක්ෂක තත්ත්වය පිළිබඳව සලකා බලනවා. ශ්‍රී ලංකාවේ ගැටලුවලට පිළිතුරු ලබාදී තිබෙනවා. එංගලන්ත තරගාවලියෙන් වෙනසක් අවශ්‍ය බවට මම හිතන්නේ නෑ. එය ඉදිරියට පවත්වාගෙන යෑමට සාකච්ඡා පැවැත්වෙනවා.ශ්‍රී ලංකාවේ ගැටලුවල උච්ඡතම අවස්ථාවේදීත් මම ක්‍රිකට් ක්‍රීඩා කළා.”

අද
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top