Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
465
Views
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් එරට ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම එක්දින ලකුණු ලාභියා බවට පසුගියදා පත්විය. ඒ අනුව පසුගියදා ඉන්දියාව සමගින් පැවැති තරගයේදී සිය පෞද්ගලික 300 වැනි තරගයට ක්‍රීඩා කළ ගේල් ජාත්‍යන්තර එක්දින ලකුණු 10408 සීමාව පසුකර යමින් එම වාර්තාවට හිමිකම් කීමට සමත් විය.
 
 ක්‍රිස් ගේල්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කීමට කොදෙව් සුපිරි ක්‍රීඩක බ්‍රයන් ලාරා සමත්ව සිටියේය. ඔහු එක්දින තරග 299කට ක්‍රීඩා කරමින් ලකුණු 10405ක් වාර්තා කර තිබූ අතර ගේල් තරග 299කදී ජාත්‍යන්තර ලකුණු 10396ක් ලබා සිටියේය. ඒ අනුව 300 වැනි තරගයට පෙර ලාරාගේ වාර්තාවට ලකුණු 9ක් පිටු පසින් සිටි ක්‍රිස් ගේල් අවසන් තරගයේදී ලකුණු 11ක් ලබා ගනිමින් කෙදෙව් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිමි එක්දින ලකුණු ලාභියා බවට පත්විය.
 
 බ්‍රයන් ලාරාගෙන් අනතුරුව කොදෙව් කණ්ඩායමේ බිහිවූ සුපිරි ක්‍රීඩකයා බවට පත් වූ ක්‍රිස් ගේල් එක්දින තරග 300කදී ශතක 25ක් සහ අර්ධ ශතක 53ක් වාර්තාකොට තිබේ. එහිදී හයේ පහර 326ක් සහ හතරේ පහර 1120ක් සමගින් උඩ පන්දු 124ක් රැක ගැනීමට ඔහු සමත්ව තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top