Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 13
300
Views

බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් නැවත වතාවක් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම සුපිරි නළුවාට මෙම ගෞරව ආචාර්ය උපාධිය ලැබී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර ල ට්‍රෝබ් සරසවියෙන් වන අතර ඔහුට මෙම උපාදිය ලැබී තිබෙන්නේ ඔහු විසින් කාන්තාව සවිබලගැන්විම සඳහා දායකත්වය ලබාදීම ඇතුළු මානුෂිය ක්‍රියාදාමයන් සහ ඉන්දීය විනෝදාස්වාද කර්මාන්තය තුළ ඔහු අත්කරගත් ජයග්‍රහණ වෙනුවෙන් බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

එමෙන්ම මෙම අවස්ථාවේදී ඔහු විසින් “අධ්‍යාපනය උදෙසා මගේ රටේ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට තරම් කාරුණික වීම ගැන මම ල ට්‍රෝබ් සරසවියට බෙහෙවින්ම ස්තුතිවන්ත වනවා. මම මගේ හිස නමා ඊට ආචාර කරනවා,” යනුවෙන් එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .



    


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top